දුටුගැමුණු හෙවත් දුට්ඨගාමිණී රජතුමා ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජු වශයෙන් දුටුගැමුණු රජතුමා හැදින්විය හැකි ය. දුට්ධගාමිණී අභය, ගාමිණී අභය යන නම් වලින්ද සදහන් වන ෙමතුමා අසහාය පාලකෙයකි. බුද්ධ වර්ෂ 161 සිට බුද්ධ වර්ෂ137 දක්වා කාලය තුල ලංකාව පාලනය කල මෙතුමා එකල අනුරාධපුරය දමිල පාලකයා වූ ඵළාර රජ පරදා චෝළ අධිරාජයාගෙන් ලාංකීය ජනතාවත් සිංහල බොදු ජනතාවත් රැක ගත්හ. අතීත මුතුන් මිත්තන්ගේ අභීත නායකත්වයත් ශක්තිය සහ හැකියාවත් දුටුගැමුණු රජතුමාෙග් කථා පුවෙතන් පැහැදිලි ෙවයි.
ඉතිහාසය
ගැමුණු, ගාමිණී යනු සාම්ප්‍රදායික සිංහල නමකි. මහාවංශය විස්තර කරන අන්දමට දුටුගැමුණු කුමරුට දමිල නායකයන් හා සටනට නොයන ලෙස ඔහුගේ පියා වන රුහුණු රට පාලනය කළ කාවන්තිස්ස රජ අණ කරන ලදි. නමුත් ඔහුගේ අණ නොතැකූ කුමරු රජ මැදුරින් පලා ගිය අතර පසුව කාවන්තිස්ස රජුට කාන්තා ආභරණ යවන ලදි. ඔහු මින් අදහස් කරනු ලැබුවේ තම පියා විහිලුවටත්, හෑල්ලුවටත් පත් කිරීමයි. ඔහු ඵතරම්ම අභීත කුමාරෙයකි. දුටුගැමුණු ලෙස පසු කෙලක හැදින්වෙන ලද්දේ මෙම හේතුව නිසාය. නමුත් දුටුගැමුණු රජතුමාගේ මරණින්පසු ඔහු ධර්මගාමිණී ලෙසද හදුන්වන ලදි.
රජ පවුලේ තොරතුරු
මහාවංශයට අනුව දුටුගැමුණු රජතුමාගේ කථා වෘන්තය පරිච්ජේද 35කින් විස්තර වෙයි. 22 වැනි පරිච්ජේද සදහන් වන අන්දමට රජරට පුරාණ රාජ පවුලකින් පැවත ඵන දේවානම්පියතිස්ස රජ සොයුරු මහානාග රජ කල රුහුණු මාගම පාලනය කළ කාවන්තිස්ස රජු දුටුගැමුණු රජතුමාගේ පියාය. කල්‍යාණ පෙදෙස පාලනය කළ තිස්ස රජ දියණිය වූ විහාරමහා දේවිය ඔහුගේ මෑණියන්ය. පිය රජු කළ වරදට දඩුවමක් ලෙස තිස්ස රජු තම දියණිය රනින් කළ නැවක නගවා මුහුදට පා කර හරින ලදි. මෙම නැව රුහුණු රට මාගම් පෙදෙසට ගසා ගෙනවිත් කාවන්තිස්ස රජුට හමු විය. පසුව කාවන්තිස්ස රජ බිසව වූ විහාරමහා දේවිය මෙතුමියයි. විහාරමහා දේවියට ලැබුනු පළමු වන පුතු රත්නය ගාමිණී අභය ලෙසද දෙවැනි පුතු රත්නය තිස්ස ලෙසද නම් කෙරිණි.
පාලනය සහ ඉදිකිරීම් වැඩ
දුටුගැමුණුගේ පාලනය සමය ගැන මහා වංශයේ විස්තර වෙයි. පරිච්ජේද 35 ක් වු එහි පරිච්ජේද 6 ක්ම වෙන්කර තිබෙන්නේ දුටු ගැමුණු රජතුමා වෙනුවෙන් ගැමුණු කුමරු දේවානම්පියතිස්සගේ සොයුරු මහානාම ඇතුළු රජරට රජ පෙලපතෙන් පැවත එන්නේ යැයි මහාවංශයේ 22 පරිච්ජේදයේ විස්තර කර ඇත. ඔහු උපදින අවස්ථාව වන විට ඔහුගේ පියා කාවන් තිස්ස ශ්‍රී ලංකාවේ ගිණි කොණ දිග පෙදෙසේ කුඩා රාජ්‍යයක් වු “රෝහණ” ගේ රජු වුයේය. එය උතුරේ රජරටපාලනයෙන් මිදුනේ විය. රජරට සහ රුහුණු රාජ්‍යයන් දෙක වෙන් වුනේ ‘මහා ගංගා’ යනුවෙන් හැදින්වු ගගකිනි. මෙය වර්ථමානයේ මැණික් ගග විය හැක. මහාවංහයේ කාවන්තිස්ස රජු ගැන සදහන් වන්නේ ත්‍රිවිධරත්නය කෙරේ බලවත් විශ්වාසයෙන් සිටි පුද්ගල යෙකු සහ සහෝදර ජනතාවට අවශ්‍ය දේ නොකඩවා සැපයු කෙනෙකු ලෙසිනි.
දුටුගැමුණු රජතුමාගේ කාලයේ ඔහු විසින් කරවන ලද අප්‍රමාණ ගොඩනැගිලි ව්‍යාපෘති හැරුණු විට ඔහුගේ පුතා සහ ඔහු අතර තිබුණු භේදයද සැළකිය යුතු කරුණක් විය. ඔහුගේ පුතා සාලිය නොහොත් සාලිරාජකුමාර අශෝකමාලාදේවී නොහොත් අශෝකමාලා නම් රොඩී කුල තරුණියක හා පෙමින් වෙළුණේය. මෙම තරුණිය සිංහල සමාජය විසින් පහත් යයි සළකන රොඩී කුලයේ තරුණියකි. සාලිය ඇයගෙන් වෙන්වීමට අකමැති වී සිහසුනද ප්‍රතික්ෂේප කළේය. රජු සහ පුතා අතර ඉන් පසු සිදු වූ සමගියක් ගැන මහා වංශයේ සඳහන් නොවෙතත් ජන කථාවල කියැවෙන්නේ රජතුමාගේ ආශීර්වාදය දෙදෙනාට ලැබුණු බවයි.
රජතුමාගේ රාජ්‍ය කාලය තුළ ශ්‍රී ලංකාව, අරාබිය, පර්සියාව ද ඇතුළත් බටහිර රටවල් සමග වෙළඳ සබඳතා ඉතා හොඳින් තිබුණු බව සඳහන් වේ. මෙයට රෝම රාජ්‍යයද ඇතුළත් වූයේ යැයි කිව හැක.
තමන්ගේ රාජ්‍ය බලය හොඳින් තහවුරු කර ගත් පසු දුටු ගැමුණු රජතුමා විශාල ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘති ආරම්භ කළේය. එයින් බොහොමයක් අදද අනුරාධපුරයේ සුරැකිව තිබේ. දුටු ගැමුණු රජුගේ ජීවිතයේ සෑම දෙයක්ම මෙන් සෑම ඉදිකිරීමකම ආරම්භය හා සම්බන්ධ ඓතිහාසික ප්‍රබන්ධයක් තිබේ. එයින් බොහොමයකින් පුරාණ සිංහල සමාජයේ තොරතුරු හා අභිලාෂයන් හෙළි වේ.
මහාවංශයේ සඳහන් වන ප්‍රථම කොඩනැගිලි අත්තිවාරම වන්නේ වර්තමාන මිරිසවැටිය ලෙසින් හැඳින්වෙන මරිචවට්ටි ස්ථූපයේ පාදමයි. ඓතිහාසික පුරාවෘත්තයන්හි දැක්වෙන පරිදි දුටුගැමුණු රජු තම අන්තඃපුර බිසවුන් සමග දිය කෙළි සඳහා තිසා වැවට යාමට ප්‍රථම ඔහුගේ කුන්තය වැව් වෙරළේ සිටුවා ඇත. (මෙම කුන්තයේ සර්වඥධාතු අඩංගුව තිබුණා යයි කියැවේ) ආපසු මාළිගාවට යාමට සුදානම් වී කුන්තය ආපසු ගැනීමට තැත් කළ නමුත් රජුට හෝ එතැන සිටි පිරිසගෙන් කිසිවෙකුට එය ආපසු ගැනීමට නොහැකි විය. මෙය විශේෂ ලක්ෂණයක් ලෙස සළකා කුන්තය වසා ස්ථූපයක් තැනීමට රජතුමා නියම කරන ලදී.
දුටුගැමුණු රජතුමා ලෝහ ප්‍රාසාදය තැනීමටද නියෝග කළේය. එය මහල් නමයකින් යුක්තව සංඝයා වහන්සේලා උදෙසා ඉදිකරන ලදී. තඹ තහඩු සහිත වහලකින් යුත් නිසා එයට ඒ නම ලැබිණ. තවදුරටත් කියතොත් ප්‍රාසාදය සඳහා සැලසුම ලැබුනේ දෙව්ලොවිණි. භික්ෂුන් වහන්සේලා පිරිසක් එක් දෙව්ලොවකදී දුටු ප්‍රාසාදයක හැඩය ගෙන එය නිර්මාණය කරන ලදී. එම භික්ෂූහු සැළසුම රතු ආසනික් වලින් ලිනන් රෙද්දක ඇඳ රජු වෙත එවා ඇත.
සමහර විට ඔහුගේ ඉතාම ප්‍රසිද්ධ නිර්මාණය මහාථූපය නොහොත් ස්වර්ණමාලී චෛත්‍යය ලෙසින්ද හැඳින්වෙන රුවන්වැලි සෑය විය හැක. එය තනන ලද්දේ බුදුන්ගේ පාත්‍ර ධාතුව නිදන් කිරීම පිණිසයි. එය තැනීම ආරම්භ කරන ලද්දේ වෙසක් මස පුර පසලොස්වක දිනකයි. (බුදුන්ගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම සිදු වූයේ වෙසක් පුර පසලොස්වක දිනයේදීය.) කුඩු කරන ලද ගලක් අත්තිවාරම ලෙස යොදා ගැනුණි. ගල් නියම ස්ථානයට ඇතුළු කිරීමට ඇතුන්ගේ සහය ලබා ගැනුණි. මේ සඳහා යෙදූ ඇතුන්ගේ පාදවලට සම් ආවරණ යොදා තිබුණි. දුටු ගැමුණු රජු තමාම ගොස් මෙම කාර්යයන් අධීක්ෂණය කළේය. ගොඩනැංවීම් කෙරෙන තැන්වල හිඳ ධාතු ගර්භය නිම කරන අයුරු සහ පාත්‍රා ධාතුව තැන්පත් කරන අයුරුද බලා සිටි බව කියැවේ. ථූපයක් පිළිගැන්වීම පිළිබඳ විස්තර මහාවංශයේ 29 වෙනි පරිච්ඡේදයේ විස්තර කර ඇත. එහි සඳහන් වන අන්දමට ඉන්දියාවේ නොයෙක් ප්‍රදේශවලින් පැමිණි නියෝජිතයින්ද ඉන්දු – ග්‍රීක භික්ෂූ නමක් වූ මහාධර්මරක්ෂිත හිමි යටතේ කොකේසස් හි ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් 30000 ක් වූ නියෝජිත පිරිසක්ද පැමිණි බව මහා වංශයේ සඳහන් වේ.
තවත් සැළකිය යුතු කාර්යයන් අතරට (වර්තමාන බිහාරය) මුන්ඩේස්ශ්වරී හි ස්ථූපයක් තැනීමද සඳහන් වේ.
අනර්ඝ නිර්මාණ දායකත්වය
අනුරාධපුරය අලංකාර මෙන්ම ඵෙතිහාසික වටිනාකමක් ඇති නගරයක් ලෙස දියුණු කිරීමට දුටුගැමුණු රජතුමාගෙන් සිදුවුනු මෙහෙය ඉතා වැදගත්ය. මෙතුමා ඉදිකල පලමුවැනි නිර්මාණය වන මිරිසවැටිය ඉතාවැදගත්ය. ලෝවාමහාපාය නම් වූ භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදිවුනු ලැගුම්ගෙයද මෙතුමාගේ වැදගත් නිර්මාණයකි. තවද මෙතුමා ඉදිකල රුවන්වැලිසෑය අග්‍රගන්‍ය නිර්මාණයකි. අනුරාධපුර නගරයේ පිහිටි පුජනීය දාගැබකි, රුවන්වැලිසෑය දාගැබ . ජනතා වන්දනා මානයට ලක්වන මෙම පුජනීය ස්ථූප , ගෘහ නිර්මාණ සහ ඉදිකිරීම් කර්මාන්තය, අතින් පළමු ස්ථානයට පත්ව ඇත.දුටුගැමුණු රජතුමා නිර්මාණය කළ මෙම අනර්ඝ දාගැබ මහාථුප, ස්වර්ණමාලි දාගැබ සහ රත්නමාලි මහ දාගැබ යන නම් වලින්ද හැදින්වෙයි. රුවන්වැලිසෑ දාගැබ බුද්ධ පාදස්පර්ශයෙන් නැහැවුන සොලොස්මස්ථාන වලින් එකක් වන අතර අනුරාධපුර පුජනීය නගරයට අයත් අටමස්ථාන වලින්ද එකකි.උසම දාගැබ් වලින් එකක් වන අතර උසින් අඩි 300 (මීටර92) සහ වට ප්‍රමාණය අඩි 950 (මීටර292) වෙයි.
රුවන්වැලිසෑය ගොඩනැගීම
මේ පිළිබදච දේවානම්පියතිස්ස රජතුමා විසින් වෙසක් දිනයක ලියනලද ශිලාලේඛනයකට අනුව දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලිසෑය දාගැබ නිර්මාණය කරනලදි.
- පළමුව භූමිය මනින ලදි.
- රියන් 7ක් බිම හාරන ලදි.
- ගල් අඩිතාලමක් යොදන ලදි.
- මිටියෙන් තලා ගල් කඩන ලදි.
- ගල් බිම අතුරා අලින් ලවා පාගවා බිම සකසන ලදි.
- හිමාලෙයන් මැටිගෙන්වාගොඩනැගීම අරඹන ලදි.
දාගැබ අංග නිර්මාණය ඇරඹුනි. ඉන්දියාවෙන් පැමිණි භික්ෂූන් වහන්සේලාගේත් ලාංකීය භික්ෂූන් වහන්සේලාගේත් පූර්ණ මගපෙන්වීම ලැබිණි.
බුදුන්වහන්සේගේ ධාතු
බුද්ධපරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ධාතු රටවල් අටකට පිටත්කර අතර මෙම රටවල දාගැබ් තනවා ධාතු තැන්පත් කරනලදි. ඉන් ලැබුන ධාතු රුවන්වැලිසෑය දාගැබ තුළද තැන්පත් කර ඇත.
රජුගේ මරණය
මහ දාගැබ සාදා නිමකිරීමට පෙරාතුව දුටුගැමුණුරජතුමා රෝගාතුර විය. නමුත් රජුගේ ආශාව වූයේ වැඩ අවසන් වු දාගැබට වන්දනා කොට තම අවසන් හුස්ම හෙලීමයි.මෙය දන්නා රජුගේ සොයුරු සද්ධාතිස්ස රජතුමා ගොඩනගමින් සිටි දාගැබ සුදු රෙදිවලින් වටකර වැඩ නිමකරන ලද අලංකාර රුවන්වැලිසෑය දාගැබ සේ දුටුගැමුණු රජතුමාට පෙන්වන ලදි. සත්‍ය වශයෙන්ම මෙය තමා නිර්මාණය කරනලද රුවන්වැලිසෑය දාගැබ යැයි සිතූ රජු කිරි පැහැයෙන් බබළන දාගැබ දෙස බලාගෙනම ඵයට වදිමින්ම තම අවසන්හුස්ම පොද වා තලයට මුදා හැරියේය. පසුව තුසිත දෙව්ලොව දිව්‍ය රජකුව ඉපදුනි. පසුව සද්ධාතිස්ස රජතුමා විසින් වැඩනිමවා රුවන්වැලිසෑය දාගැබ වන්දනා මානයට පූජා කරනලදි.අවසානයේදී සද්ධාතිස්ස රජතුමාද තුසිත දෙව්ලොවම ඉපදුනු බව සදහන් වෙයි.
අනාගත මෛත්‍රී බුදුන් කළ උන්වහන්සේගේ දකුණත් සව්ලෙස දුටුගැමුණු රජතුමාද වමත් සව්ලෙස සද්ධාතිස්ස රජතුමාද කාවන්තිස්ස රජතුමා සහ විහාරමහා දේචිය අනාගත මෛත්‍රී බුදුන්ගේ මව සහ පියා බවද සදහන් වෙයි. කාවන්තිස්ස රජතුමාගේ බාලම සොයුරිය අනුලා කුමරිය මෛත්‍රී බෝධිසත්වයන්ගේ බිසව වන අතර දුටුගැමුණුරජතුමාගේ පුත් සාලිය කුමරා මෛත්‍රී බෝධිසත්වයන්ගේ පුතු බවද සදහන් වෙයි. අනාගත මෛත්‍රී බුදුන් ගේ අග උපස්ථායිකාව වන්නේ දුටුගැමුණු රජතුමාගේ මෙහෙසිය වූ ශෝභා දේවියයි. ශෝභා දේවියගේ දියණිය මෛත්‍රී බුදුන්ගේ උපස්ථායිකාවක් වන බවද සදහන වෙයි.
විශිෂ්ටත්වය
තුන්සිංහලයම ඵක්සේසත් කල පලමු මහා නිරිදාණන් වනුයේ දුටුගැමුණුරජතුමාය.මහා වංශයේ වීරයා ලෙස සිංහල වංශ කථාවෙහි මෙතුමා හැදින්වෙයි.විදේශීය ආක්‍රමණ වලින් රට ආරක්ෂා කර ගනිමින් සශ්‍රික රාජ්‍යයක් බිහිකිරීමෙහිලා මෙතුමා විශාල කාර්යක් ඉටුකරන ලදි.
thava thorathuru onee
කැමතියිකැමතියි
ඉතා වැදගත් ප්රවනතාවයක්……….සදොස් තැන් ගැන සිතා තවත් මෙවැනි ලිපි ලිවීමට සුභ පැතුම්,……!
කැමතියිකැමතියි
“මෙය විශේෂ ලක්ෂණයක් ලෙස සළකා කුන්තය වසා ස්ථූපයක් තැනීමට රජතුමා නියම කරන ලදී”
මෙය විශේෂ ලක්ෂණයක් ලෙස සළකා කුන්තය වසා ස්ථූපයක් තැනීමට රජතුමා නියම කරන ලදී.
“සමහර විට ඔහුගේ ඉතාම ප්‍රසිද්ධ නිර්මාණය මහාථූපය නොහොත් ස්වර්ණමාලී චෛත්‍යය ලෙසින්ද හැඳින්වෙන රුවන්වැලි සෑය විය හැක. එය තනන ලද්දේ බුදුන්ගේ පාත්‍ර ධාතුව නිදන් කිරීම පිණිසයි.”
පාත්‍රා ධාතුව නිදන් කිරීමට රුවන්මැලි සෑය ඉදිකළේ නැත. එය සාවද්‍යය.
“බුද්ධපරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ධාතු රටවල් අටකට පිටත්කර අතර මෙම රටවල දාගැබ් තනවා ධාතු තැන්පත් කරනලදි. ඉන් ලැබුන ධාතු රුවන්වැලිසෑය දාගැබ තුළද තැන්පත් කර ඇත.”
රාජ්‍ය 8 කට ධාතූන් වහන්සේලා සමානව ද්‍රෝණය බැගින් බෙදා දුන් අතර එහිදී රාම ග්‍රාමයට ලබාදුන් ධාතු ද්‍රෝණය එය තැන්පත් කළ චෛත්‍ය මුහුදට ගසාගෙන ගිය නිසා නාග ලෝකයට ගිය අතර රුවන්මැලිසෑයේ තැන්පත් කිරීමට මෙම ධාතු ද්‍රෝණය නාග ලෝකයෙන් රැගෙන එන ලදී
රජතුමාගේ බිසව ස්වර්ණමාලි බිසව ලෙස දක්වා තිබීම වැරදිය. රජතුමාගේ බිසව ලෙස ජනප්‍රවාදවල දක්වන්නේ රන්මැණිකාවයි. රජිතා නමින් බිසවක්ද රජුට වූ බව කියවේ
කැමතියිකැමතියි
වටිනා ලිපියක්. මෙවැන්නක් සම්පාදනය කිරීම ගැන ප්‍රණාමය හිමිවිය යුතුය. මා දකින සදොස් තැන් කීපයක් මෙලෙස දක්වන්නම්……………..
“දුටුගැමුණු හෙවත් දුට්ඨගාමිණී රජතුමා ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජු වශයෙන් දුටුගැමුණු රජතුමා හැදින්විය හැකි ය”
මෙය ඇත්තටම සංසන්දනාත්මකව සළකා බැලිය යුත්තකි. මහා විජයබාහු රජතුමා මෙන්ම මහා පරාක්‍රමබාහු රජතුමාද කාර්ය සාඵය අතින් ඉදිරියෙන් සිටින නිසා ” අග්‍රගණ්‍ය රජු”ලෙස නොව අග්‍රගණය රජතුමෙක් ලෙස වෙනස් විය යුතුයැයි සිතමි
“බුද්ධ වර්ෂ 161 සිට බුද්ධ වර්ෂ137 දක්වා කාලය තුල ලංකාව පාලනය කල මෙතුමා ”
මෙය වැරදිය. මෙය ක්‍රිස්තු පූර්ව ලෙස වෙනස් විය යුතුයි.
“අනුරාධපුරය දමිල පාලකයා වූ ඵළාර රජ පරදා චෝළ අධිරාජයාගෙන්”
එළාර සොළී කුමරෙක් වූවා විනා සොළී අධිරාජ්‍යයෙක් වූයේ නැත. චෝළ අධිරාජ්‍යය ඇරඹෙන්නේ ක්‍රි.ව 820 දී පමණය.
“ගැමුණු, ගාමිණී යනු සාම්ප්‍රදායික සිංහල නමකි”
මුල් කාලීනව ගම් පාලනය කළ ගම් පාලකයින්ව හඳුන්වා ඇති නාමයක් ලෙස ගාමිණි, ග්‍රාමිණී දැක්විය හැක. පසුකාලීනව රජවරුන්ද තම නම්වලට එය ඈඳාගත් බවක් පෙනේ. ගජබාහුක ගාමිණි, වට්ට ගාමිණි අභය ආදී ලෙස….
“මහාවංශයට අනුව දුටුගැමුණු රජතුමාගේ කථා වෘන්තය පරිච්ජේද 35කින් විස්තර වෙයි”
මෙය වැරදිය. මහසෙන් රජුගේ රාජ්‍ය කාලයෙන් අවසන් වන මහාවංශයේ පළමු කොටසේ පරිච්ඡේද 37 ක් ඇති අතර එයින් පරිච්ඡේද 11 ක දුටුගැමුණු රාජ්‍ය කාලය ගැන සඳහන්ය. එනිසා මහාවංශයේ පළමු කොටසේ වීරයා ලෙස හඳුන්වන්නේ දුටුගැමුණු රජතුමාවය.
“රජරට පුරාණ රාජ පවුලකින් පැවත ඵන දේවානම්පියතිස්ස රජ සොයුරු මහානාග රජ කල රුහුණු මාගම පාලනය කළ කාවන්තිස්ස රජු ”
මෙහි දැක්වෙන රජරට පුරාණ පවුල වන්නේ විජය කුමරුගේ රාජ පරම්පරාවයි. විජයගෙන් අනතුරුව ඔහුගේ සොයුරාගේ පුත් පඬුවස්දෙව් රජුද ඔහු පුත් අභයද, දියණියගේ පුත් පණ්ඩුකාභයද, ඔහුගේ පුත් මුටසීවද ඔහුගේ පුතුන් වූ දෙවනපෑතිස් අනුරපුරද මහානාග රෝහණයේද පාලනය ගෙන ගොස් ඇත.
මහානාගගෙන් පසු රෝහණයේ ඔහු පුත් යටාලතිස්සද ඔහු පුත් ගෝඨාභයද පසුව ඔහු පුත් කාවන්තිස්සද රාජ්‍යත්වයට පත් වී ඇත.
“දුටුගැමුණුගේ පාලනය සමය ගැන මහා වංශයේ විස්තර වෙයි. පරිච්ජේද 35 ක් වු”
මහා වංශයේ පරිච්ජේද 37
“ඔහුගේ පියා කාවන් තිස්ස ශ්‍රී ලංකාවේ ගිණි කොණ දිග පෙදෙසේ කුඩා රාජ්‍යයක් වු “රෝහණ” ගේ රජු වුයේය. එය උතුරේ රජරටපාලනයෙන් මිදුනේ විය. රජරට සහ රුහුණු රාජ්‍යයන් දෙක වෙන් වුනේ ‘මහා ගංගා’ යනුවෙන් හැදින්වු ගගකිනි. මෙය වර්ථමානයේ මැණික් ගග විය හැක.”
රෝහණය කුඩා රාජ්‍යයක් නොවිණි. ඒ වනවිට මාගම සේරු නුවර, ලෝන නුවර, සෝම නුවර, කළ්‍යාණි ප්‍රදේශය ආදී විශාල ප්‍රදේශයක එහි බලය ව්‍යාප්තව තිබුණි. මෙහි දැක්වෙන මහා ගංගා ලෙස හැඳින්වෙන්නේ මහවැලි ගඟයි. මහවැලි ගඟට උතුරින් ප්‍රදේශ රජරටටද දකුණින් ප්‍රදේශ රෝහණයටද අයත්ව තිබුණි
කැමතියිකැමතියි
ඉතාම අගෙයි මැතිතුමා මා ඉඩ ලද විගස එය නිවැරදි කරන්නම්.
කැමතියිකැමතියි
මැතිතුමා කියලා මාව හඳුන්වන්න ඕනේ නැහැ. මම තාමත් අධ්‍යාපනය ලබන සිසුවෙක් විතරයි. සදොස් තැන් නිදොස් කිරීමක් විදිහට තමයි මම මේ කාර්යය කළේ.
මම කියපු කරුණුවල වැරදි දෙයක් තියෙනවා නම් දන්වන්න. ඒවා ගැන දැනුවත් වෙන්න මම කැමතියි 🙂
කැමතියිකැමතියි
Etha Vatina Lipiyak. Ithihasaya Wala dammanna uthsaha karana
awadiyaka Me wage lipi wada wadath wadi pitisak athata path maramu.
Stuthiy Me lipiyata.
Bandula Wijesiri
කැමතියිකැමතියි