ඇය

මී මල් පිපී ගත් මදනල පියකරුය
පුන් සඳ ගුවන මත එය හරි පින්බරය
හදවත කිසිත් තනි නැත ඇය මා සතුය
මේ අද මගේ ජීවිතයේ තොරතුරුය

පායන පුන්සඳක් මෙන් ගුවනට පැමිණී
දෙනයණ මගේ ලෙලවු සුන්දර තරුණී
පොපියන හැඟුම් දහසක් ගෙන හද බැතිනි
මා සිත පැහැර ගත් හංසිය ඇය පමණී

අසරණ වෙලා මට සරණක් නොමැති විට
පසු පස එමින් දිරි දුන්නේ ඇයයි මට
කඳුලැලි පිස දමා හසරැලි මවා මට
ඇයගෙන් සමුගන්නේ කෙලෙසද ඇය අයිති මට

මාගත දුබල මුත් හිත තව එඩිතරය
නොසැලී සිටිමි පාගාගෙන දුබල කය
ඇය හට දැනුන හොත් වන්නේ නපුරක්ය
කඳුලැලි සඟවමින් එය ඉවසිය යුතුය

ජීවත් වන්ට මට  ටික දවසයි ඇත්තේ
මරුවා නිතර අමතයි ඇඳ ඉස්මත්තේ
නොමැරී ඉන්ට මෙතුවක් කල් ඇති අත්තේ
ඇය වෙනුවෙන් පමනි මම වීරිය ගත්තේ

මා මළ පසුත් මගේ හදවත තුලම ඇය
ජීවත් වේවි සැමදා මට වී සවිය
මට ඇති සතුට එය පමනයි මගෙයි ඇය
මරණය වරෙන් ගනු අද මේ මගේ දිවිය

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සදැස් / නිසදැස්, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

ඇය සදහා ප්‍රතිචාර 3ක් දක්වා ඇත

  1. sachini පවසයි:

    කිරි වෙහෙරක් වගේ ඔබ මට
    මගේ සිත නිවා සනසන
    ඔබේ පා යුග තබා නළලත
    ආදරෙන් මිය ඇදෙමි දවසක

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )