කලාසූරී අරීසෙන් අහුබුදු සිංහල බස පිලිබද වියතෙකි. එතුමා ශ්‍රී ලංකාවේ වෙසෙන කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කිවියෙක් වෙයි. තව ද හෙළ හවුලේ කැපී පෙනෙන සාමාජිකයෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් උසුළයි. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුනක් ද කලාශූරී නාමය ද හොඳම ගීත රචකයාට පිරිනැමෙන සරසවි සම්මානය ද හිමි කරගෙන ඇත.
ළමා කාලය
දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධයෝ 1920 මාරතු 18 වන දා කොග්ගල මලළගම දී උපත ලද හ. ඔවුන් ගේ පියාණෝ තොරෝනිස් දේවමනිමේන්ද්‍ර නම් වූහ. මෑණියෝ ලයිසොහාමි වතුගෙදර නම් වූ හ. සිය මුත්තණුවන් වූ සලමන් වතුගෙදර මහතාණන් ඇසුරෙහි ගෙවූ දිවිය ළමා ආශුබෝධයන් ගේ සිතෙහි සාහිත රස හැඟුම් බිජු වට පැළ කරවන්නට සමත් වී ය. ගැමි උගතකු වූ මුත්තණුවන් වෙතින් ඇසූ කවි, කතා, සිලෝ ආදිය ඔවුන් ගේ පසු කල සාහිත නිමැවුම්වලට බෙහෙවින් පිටු බල සැපැයී ය. මහ ගත්කරු මාටින් වික්‍රමසිංහයන් ගේ ද උපන් ගම වූ කොග්ගල මලළගම එ කල පැවැති ගැමි පරිසරයත් ජන කලා නැඹුරුවත් ළමා ආශුබෝධයන් ගේ රස හැඟුම් පිබිදැවූ තව ද කරුණෙක් විය.
ආශුබෝධයන් ගේ වැඩිමහල් සොහොවුරාණෝ අමරසේන ආශුතෝෂ නම් වෙති. වෙදැදුරු කෙනෙකුන් වන ඔහු බොරලැස්ගමුවේ රත්තණපිටියේ වෙසෙති. ආශුබෝධයනට උපසේන නම් බාල සොහොවුරු කෙනකුන් ද වූ නමුත් ඔහු බාල කල දී ම මිය ගිය හ. 1927 දී කතළුවේ රජයේ පාසලට ඇතුළු කැරුණු ආර්යසේන ආශුබෝධයෝ 1934 තෙක් එහි ඉගැනීම ලද හ. 1934 දී පාසල් හැරයෑමේ සහතික පත් විභාගයෙන් ඔවුනට පළමු පෙළේ සමත් බව හිමි විය. ඉක්බිති ව හබරාදූවේ අභයදාන විදුහලට 1935 දී ඇතුළත් වූ ඔහු එයින් ප්‍රාරම්භ සහතිකය ලබා 1937 දී කොග්ගල අමද්‍යපාන බෞද්ධ මිශ්‍ර පාසලට ඇතුළත් වැ ගුරු සහතිකය ලද හ. 1939 දී නිට්ටඹුයේ ගුරු ඇබෑසි විදුහලට ඇතුළත් වූ ආශුබෝධයෝ 1942 දී පුහුණු ගුරුවරයකු ලෙස එයින් පිට වූ හ. වසර 40කට අධික කාලයක් එතුමා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ සේවය කළේය.
තැතැති දිවිය
තුන් තිස් වන වියේ දී – 1953 අගෝස්තු මස 23 වැනි දින අරීසෙන් අහුබුදුවෝ බෙලිදෙණියේ චන්ද්‍රා දේවාලෙගම මෙනෙවිය හා විවා පත් වූ හ. එ දා සිට ඕ සඳා අහුබුදු බවට පත් වූවා ය. සමන්ති දුව ද, උදම් පුතු ද, මේ යුවළට උපන් දරුවෝ යි. මනු, සනු නමින් මුනුබුරු දෙ දෙනෙක් ද සඳනි නම් මිනිබිරියක් ද සෙනු නම් මී මුනුබුරෙක් ද ඔවුනට සිටිති.
රචිත ග්‍රන්ථ
ගැදි පොත්
- කුමරතුඟු දෑ ඇල්ම
- කුමරතුඟු ඇසුර
- රන් කිරුළ
- ලංකා ගම් නම් වහර
- අසම්මතය රජවීම
- අරුත නිරුත
- මහා පාවා දීමේ ජාතකය
- එන කපේ බණ කතා
- කලට පිපෙන මල්
- හෙළ දෙරණ වග
- නූතන ජාතක
- හෙළ අවුරුදු වග
පැදි පොත්
- අඩුව
- හදිය
- කොග්ගල පවත
- සිංහළ වංස කතාව
හෙළ හවුල
1944 දී කුමාරතුංග මුනිදාසයන් විසින් හෙළ හවුල ඇරැඹුණු මොහොතේ එයට එක් වූවන් ගෙන් දිවමන් ව සිටින කිහිප දෙනා අතරැ අරීසෙන් අහුබුදුවෝ ද කෙනෙකි. එ දා සිට අහුබුදුවන් ගේ දිවියත් හෙළ හවුලත් එකක් මැ විය. හෙළ හවුලත් එ මඟින් අනුදත් බස් වහරත් රක්නා පිණිස මුළු හදින් ම කැප වී සිටින ඔහු කිහිප වරක් එහි සකසුරු තනතුර දැරූ හ. හෙළ හවුලෙහි අට වන නයුවාණන් (නායකයාණන්) ලෙස ද කෙටි කලක් සිටි ඔහු කටයුතු වැඩි බව නිසා එ තනතුරින් ඉල්ලා අස් වුව ද අදත් එහි අනුනයු මඬුල්ල හොබවති. කුමාරතුංග මුනිදාස, ජයන්ත වීරසේකර, රැ.තෙන්නකෝන්, අමරසිරි ගුණවඩු, වෙල්ලාල ජයමහ ඈ දෙටු සුබැසි වියතුන් ඇසුරින් බස්-සතර (භාෂා-ශස්ත්‍ර) දැනුම වඩා-වවාගත් අහුබුදුවන් හා සමකාලීන ව හෙළ හවුල් කිසෙහි නිරත වූවෝ බොහෝ වෙති. අලවු ඉසි සැබිහෙළ, ගුණපාල සේනාදීර, හියුබත් දිසානායක, වෙ.වි. අභයගුණවර්ධන, ශ්‍රී චාල්ස් ද සිල්වා, අ.දො. චන්ද්‍රසේකර, සඳදස් කෝපරහේවා, සවිමන් ගුණතිලක, දො.දෙ. මොහොට්ටි ආදීහු ඔවුන’තර කිහිප දෙනෙකි.
රටට වටින මනුස්සයෙක්.
කැමතියිකැමතියි
එතුමාට නිවන් සුව පතමි.
ඔබ දන්නවාද එතුමා ලියන ලද හොදම පොත අදටත් තහනම් පොතක්. නම ඉර හඳ නැඟි රට හෙවත් යටගිය වංශය. ඉතාම හොද පොතක්. බලන්න. එතුමාට කරන ගෞරවයක් ලෙස. මම ඉතාම වාසනාවන්තයි එතුමාම මට පොතක් තිළිණ කලා. මම එය පන මෙන් ආරක්ෂා කරන පොතක්.
ඔබට ගොඩක් පිං මෙවැනි ලිපියක් ලියුවාට.
කැමතියිකැමතියි
මට පිටපතක් ලබා ගන්ට පුලුවන්ද..?
ඔබට ගොඩක් පිං
කැමතියිකැමතියි
අරිසෙන් අහුබුදු මහතා අභාවප්‍රාප්ත වෙයි.
ඔබට අමා මහා නිවන් සුවම අත් වේවා!.
කැමතියිකැමතියි
එසේ මැයි සකිය එසේ මැයි
අපේ වු නිවී ගිය ගුරු තරුව
ඔබටැ මොක් සුව
කැමතියිකැමතියි
මල්ලී ඔයා හැම විටම ඉදිරියෙන්
සාර්තකයි
ජය ජය
කැමතියිකැමතියි
බොහෝම ස්තුතියි අරුණ අයියා…
මේ පැසසීම ඉතා ලොකු හයියක් මට..
ගොඩාක් ස්තුතියි..
කැමතියිකැමතියි