සමාධි බුදු පිළිමය

Wikibooks වෙතින්

බුදුරජාණන් වභන්සේ සමාධියට සමවැදී වැඩ සිටින අයුරු නිරූපණය කරන සිවිවන සියවසට පමණ අයත් යැයි සැලකෙන සමාධි මුද්‍රාවෙන් යුතු මෙම පිළිමය,උසස් ශිල්පියෙකුගේ නිර්මාණයකැයි විචාරකයෝ පවසති.

මෙම විශිෂ්ට පිළිමයට පුරවසන්කුලමෙන් භමුවුණු පිළිමය සබදකමක් දක්වයි. ගස්කොළන්වලින් වැසී
තිබුණු මෙම ස්ථානයෙහි වර්ෂ 1886 දී පිළිමය සොයාගන්නා විට බිම පතිත වී තිබිණි.ආසනයෙන් වෙන්වී බිමට වැටීමෙන් තුවාල වූ නැහැය සිමෙන්තියෙන්  පිළිසකර කිරීම පිළිමයේ ස්වරූපයට ගැළපෙන අයුරින් සිදුවී නොමැති බැව් ඒ දෙස බැලීමෙන් මනාව පැහැදිලි වේ.පපුවෙහි හා උදරයෙහි දක්නට ලැබෙන තුවාල
ළකුණු,නිදන් සොරුන්ගෙන් සිදුවූ ඒවා යැයි පැවසේ.

සුරත වමත මත තබා ඇත.වම් උරහිස වසා ඇති සිවුර පපුව හරහා නෙළා ඇති සියුම් ඉරෙන් හෙළිවේ.දකුණු දණහිසෙන් නැමුණු දකුණු කකුල,එලෙසම
නැමුණු වම් කකුල මත ඇත.මේ වැඩ සිටින ආසන ක්‍රමය දේශීය ප්‍රතිමාවලට ආවේණික වූවකි.මෙය වෙනුවට භාරතීය ප්‍රතිමාවන්හි දක්නට ලැබෙන්නේ පද්මාසනයයි.
මෙම පිළිමයේ පුරාණයේදී සායම් ආලේප කර තිබූ බවට දැක්විය හැකි හොදම සාධකය වන්නේ විනාශ වී නොගොස් රැකුණු සායම් කොටස්ය.

පිළිමය අඩි 7අගල් 3 ක් උසය.

ශ්‍රීමත් නේරු තුමා ධේරා ධූරන්හි සිරගෙයි සිර දඩුවම් විදිද්දී මේ ප්‍රතිමාවෙහි අනුරුවක් සිර කූඩුව තුළ තබාගැනීමෙන් එයින් අස්වැසුම් ලබාගත් බව එතුමාගේ  පොතක සදභන් වේ. සමාධි පිළිමය වැඩ සිටින ස්ථාන‍‍යෙහි අතීතයෙහි බෝධිඝරයක් විය.අභයගිරි විහාරයට අයත් මේ බෝධිඝරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1960දී කළ  කැණීමකදී සොයාගන්නා ලදී.

බෝධිඝරයෙහි මැද වූ ගඩොල් බැම්ම තුළ බෝ රුක විය.ගඩොල් වරි නොගැලවී තවම ලඹේට පවත්නා ඒ ගඩොල් බැම්ම පුරාණ පෙදරේරුවන්ගේ දක්ෂතාව  පිළිබිඹු කරන්නකි.බෝධිඝරය තුළ බෝධියට පිට දී වැඩ හුන් පිළිම තුනක් උතුරෙහි,බස්නාහිරෙහි හා දකුණෙහි විය.උතුරෙහි වනුයේ ඉහත සදහන් සමාධි පිළිමයයි. අනෙක් දෙපසෙහි ඇත්තේ ප්‍රතිමාවන්හි ශේෂයෝය.බෝධිඝරය නැගෙනහිරට මුහුණලා සිටි බව පෙනේ.
නැගෙනහිර පසෙහි හැර අනෙක් තුන් පැත්තේම ගල් කණු  වූ බව ගොඩනැගිල්ල පෑදීමේදී අනාවරණය වී තිබේ.ගඩොල් බැම්ම වටා ඇති ගල් කණු මත වහලයක් විය.ඒ වහලයට අයත් පැතලි උළු කැබලි කැණීමේදී හමුවිය.

බෝධිය වූ මැද කොටසට ආවරණයක් නොතිබිණ.බෝධිය පිහිටි මළුවට බැසීම සදහා ඊශාන දිගෙහි පඩිපෙළක් තිබෙන්නට ඇත.

මෙහි මතුපිට තිබී ආසන ගලක් හා සිරිපතුල් ගලක් හමු වී තිබේ.සමාධි පිළිමය ඉදිරිපිට සවි කර ඇත්තේ ඒ ආසන ගලයි.කැණීමෙදී හමු වූ වට ටැඹය වැදගත් හමුවීමකි.අනුරාධපුරයෙහි ඇති කුළුණු සතරැස් හෝ අටපට්ටම් හෝ වේ.වට ටැම් දක්නට ලැබෙන්නේ රුවන්වැලිසෑයට නැගෙනහිරින් වූ රෝහලෙහි පමණි.

මහාසේන(ක්‍රි.ව.276-303)රජුගේ කාලයට අයත් මේ බෝගෙය සිවිවන මිහිදු(ක්‍රි.ව.956-972)රජු විසින් පිළිසකර කර ඇති බව පතපොතින් පැහැදිලි වේ.

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in උරුමය, කාලීන and tagged . Bookmark the permalink.

7 Responses to සමාධි බුදු පිළිමය

  1. Udara Wilathgamuwa පවසයි:

    ඔබට පුළුවන් නම් මේ ලිපිය “ජාතිකත්වය’ මුහුණු පොත් කණ්ඩායමේ සටහන් කරනවාද? ස්තුතියි…………….

    කැමතියි

  2. Hasitha පවසයි:

    සමාධි පිළිමය සොයාගන්න විට තිබුණු ආකාරය

    දෙවන පෑතිස් රජ දවස කරවන ලදැයි මහාවංශය කියන උරුසිලා පටිමා , මහා සිලා පටිමා නම් බුදු පිළිමය මෙය වන්නට ඇතැයි විශ්වාස කරනවා. පසුකාලීනව ඒ ප්‍රතිමාව ජෙට්ඨතිස්ස රජතුමා ථූපාරාමයේ සිට පාචීනතිස්ස පබ්බතාරාමයට වැඩම කරවූ අතර පසුව මහසෙන් රජතුමා එය අභයගිරි විහාරයට වැඩම කරවා තිබෙනවා.

    ඒ වගේම මේ ප්‍රතිමාවට පිළිම ගෙයක් ධාතුසේන රජතුමා ඉදිකරපු බවකුත් දැක්වෙනවා

    කැමතියි

  3. Kasun පවසයි:

    පැරණි හෙළ ගල්වඩුවාගේ මයිලකටවත් ලංවීමට නූතන සිංහලයන්ට නොහැකි වී ඇති බව සමාධි බුදු පිළිමයේ නැහැය අලුත්වැඩියානවන් පැහැදිලි වෙයි.. එවකට මෙය සිදුකරන ලද්දේ මාපලගම විපුලසර හිමියන් විසින්..උපදෙස් ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාසගේය. පන්කුලිය බුදුපිළිමයේ ආකෘතියට අනුව ගලින් මෙය සිදුකිමීමට පැවැසූවද විපුලසාර හිමියන්ගේ පණ්ඩුතකම නිසා මෙය සිමෙන්තියෙන් සිදුකරන ලදී.. මෙහි මුල් පිළිමයේ ඡායාරෑපයක් ජාතික කොතුකාගාරයේ ඇත. (සොයාගන්නා විට)

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )