JAVA භාෂාව ආරම්භක පාඩම- java ස්ථාපනය (01 – 2)

ජාවා භාෂාව මගින් ක්‍රමලේඛණය කිරීමට ප්‍රථම, ජාවා පරිඝනකය තුල නිවැරදිව ස්ථාපනය කර ගත යුතුයි. ඒ සදහා පහත පියවර අනුගමනය කල හැකි වෙයි.

පහත යොමුවෙන් ජාවා SE පැකේජය බාගත කර ගන්න.

ජාවා SE පැකේජය


එහිදි ලැබෙන “Download JDK” යන විධානය තෝරා ගත යුතුය.එයින් ඔබට සියලුම පැකේජ නොමිලේම බාගත කර ගත හැකිවනු ඇත.

එවිට් ඔබට jdk-6u25-windows-i586.exe අකාර‍යට නම් කරන ලද .exe වර්ගයේ ගොනුවක් ලැබෙනු ඇත.

(මෙහි 6u25 යන්න වෙනස් විය හැක.)

එම .exe ගොනුව ධාවනය කිරීමෙන් ඔබට ජාවා පිහිටුවා ගත හැක.

Next යන්න තෝරන්න.

Next යන්න තෝරන්න.

Finish යන්න තෝරන්න.

ඔබ දැන්  JAVA 2 SDK පැකේජය ස්ථාපය කර අවසන් අතර, ජාවා මගින් ක්‍රමලේඛනය ඇරබීමට ප්‍රථම, පරිඝනකයට ජාවා හි ස්ථාපන මාර්ගය හදුන්වා දිය යුතුයි.

ස්ථාපනය කරන ලද ගොනු සියල්ල ඔබගේ C: ධාවකයේ ස්ථානාගත වී ඇත.එය “C:\Program Files\Java\” යන ඩිරෙක්ටරිය තුල ඇත.
Java ඩිරෙක්ටරිය තුල “jdk1.6.0_25” හා “jre6″ නමින් තව ඩිරෙක්ටරි දෙකක් ඇති අතර අපට වැදගත් වනුයේ  ” jdk1.6.0_25″  නම් ඩිරෙක්ටරියි.

පහතින් ස්ථාපනය අවසානයේ ඩිරෙක්ටරි හි සරල සැකැස්ම දැක්වෙයි

jdk1.6.0_25 නම් ඩිරෙක්ටරිya තුල “bin”  නමින් ඇති ඩිරෙක්ටරියේ මාර්ගය අප, අපේ ස්ථාපිත කරන ලද ජාවාහි මාර්ගය ලෙස පරිඝනකයට ලබා දිය යුතුය.අපට මෙම ක්‍රියාවහි වැදගත්කම දැනෙනුයේ කේත සකස් කිරීමෙදි (compile) හා එම සකස් කර ගත් කේත ධාවනයේදියි (execute).

අපි බලමු පියවරින් පියවර කෙසේද මාර්ගය සකස් කර ගන්නේ කියා.

1) Start > Control Panel මගින් Control Panel වෙත යන්න.

2) Start > Control Panel මගින් Control Panel වෙත යන්න.

3) System අයිකනය මත මව්සය දෙවරක් ක්ලික් කොට System Properties වෙත යන්න.


4) එහි Advanced > Environment Variables

5) ලැබෙන කවුලුවෙන් “path” යන්න මත ක්ලික් කරන්න.

6) එවිට “Edit System Variable යන කවුලුව ලැබෙනු ඇත.

7) JAVA sdk 6  පැකේජය තුල ඇති ඉහතින් විස්තර කරන ලද “bin” නම් ඩිරෙක්ටරියේ මාර්ගය නිවැරදිව පිටපත් කර ගන්න. ඒ සදහා එම ඩිරෙක්ටරිය වෙත ගිය විට ලැබෙන කව්ලුවේ ඇති ලිපිනය සදහන් කොටසින් එය පහසුවෙන් ලබා ගත හැකි වෙයි.


8) නිවැරදිව එම “bin” ඩිරෙක්ටරියේ මාර්ගය පිටපත් කර ගැනීමෙන් පසුව එය “Variable value” යන ස්ථානයට ඇතුල් කල යුතුය.මෙය කිරීමේදි ඉතා ප්‍රවේසම් විය යුතුය.

පලමුව එම “Variable value” යන ස්ථානයේ මව්සයේ කර්සරය ගෙන ගොස් එහි දැනටමත් ඇති අගයන් වල, ආරම්භක අගය වෙත යන්න.

පසුව එම  “ආරම්භක”  අගයට  “ඉදිරියෙන්”  “;”  ලකුන ඇතුලත් කර, පිටපත් කර ගත්  “bin” ඩිරෙක්ටරියේ මාර්ගය “;” ලකුණට  “ඉදිරියෙන්”  ඇතුලත් කොට,
“OK” විධානය තෝරා ගෙන අනෙකුත් විවෘත වී ඇති කවුලුද “OK” විධානය ලබා දීමෙන් ඒවායින්ද ඉවත් වන්න.

නිවැරදිව මාර්ගය ඇතුල්ත් කලේ නම් එය පහත පරිදි දිස් විය යුතුයි.

C:\Program Files\Java\jdk1.6.0_25\bin;C:\Program Files\PC Connectivity Solution\;%SystemRoot%\system32;%SystemRoot%;%SystemRoot%…….etc…

ඔබ දැන් සියලු දේ සිදු කර අවසන්.සියල්ල නිවැරදිව සිදු කල බව අපට තහවුරු කර ගත හැකිය.

අප දැන් එය කරන ආකාරය සොයා බලමු.

මේ සදහා “Command Prompt” වෙත යා යුතුය.

ඒ සදහා “run” යුටිලිටිය වෙත ගොස් “cmd” ලෙස යතුරු ලියනය කර, “ok” විධානය තෝරා ගන්න.

එවිට “Command Prompt” කවුලුව ලැබෙනු ඇත.

එහි පහත කේතය යතුරු ලියනය කර “Enter” karanna.

cd\


පසුව ඔබ පහත කේතය යතුරු ලියනය කර “Enter” කරන්න.

javac

එවිට ඔබට පහත රූපයේ පරිදි විස්තරයක් නොලැබේ නම් ඔබ විසින් කොතැනක හෝ වරදාගෙන ඇත. ඔබට නැවත උත්සාහ කිරීමට සිදුවෙනු ඇත.

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in පන්ති කාමරේ..., java. Bookmark the permalink.

12 Responses to JAVA භාෂාව ආරම්භක පාඩම- java ස්ථාපනය (01 – 2)

  1. පින්ග්කිරීම: Android ක්‍රමලේඛණය ආරම්භක පාඩම (ඇන්ඩ්‍රොයිඩ් ස්ථාපනය ) | ජයෝබණ්ඩාරගේ සටහන් ෴

  2. Dayal පවසයි:

    නියමයි! දිගටම කරගෙන යන්න. මගේ සුබපැතුම්!

    කැමතියි

  3. Nuwan Dissanayaka පවසයි:

    ගොඩාක් හොඳ වැඩක.දිගටම කරගෙන යන්න.ගොඩාක් පින්.

    කැමතියි

  4. Dilan Maduranga පවසයි:

    මේ වගේ ලිපි ලියන එක ජාවා ඉගෙන ගන්න අයට ලොකු උදවුවක් වෙනවා. දිගටම ලියන්න. මේ වගේ ලිපි ලියන එකෙන් ඔයා ඉගෙනගන්න අයට කරන්නෙ විශාල සේවයක්.

    කැමතියි

  5. Gamunu saman පවසයි:

    meka nawathwanna epa plz digatama liyanna

    කැමතියි

  6. කරුමක්කාරයෙකුගේ දින සටහන් පවසයි:

    එල

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න