JAVA භාෂාව ආරම්භක පාඩම- java කේතයන් සකස් කිරීම (compile) හා ධාවනය (run) කිරීම (01 – 3)

ඉදිරි පාඩම් මාලාවන් සදහා වටහා ගැනීමට පහසුව සදහා මා සරළ කෙත දිරිපත් කිරීමට බලාපොරොත්තුව් වන අතර ඒ සදහා අප ක්‍රමලේඛනය කර ගන්න ලද කේත නිවැරදිව “සකසා ගැනීම” (compile)හා නිවැරදිව ධාවනය (run)කර ගැනීමට දැන සිටිය යුතුය.

මේ සදහා මා සරල කේතයක් යොදා ගනිමි. මෙයින් සිදුවන්නේ “Hello Sri Lanaka” ලෙස දර්ශණය කර ගැනීමයි.

ඔබට ජාවා වැඩසටන නිර්මාණය කර ගැනීම සදහා “Notepad” යෙදවුම ඉතා පහසුවෙන් යොදා ගත හැක. ආධුනිකයන් හට සුදුසුම වන්නේ Notepad මගින් වැඩසටහන් සදහා කේත ලිවීමයි.

පලමුව “Notepad” යෙදවුම විවෘත කරගෙන එහි පහත කේතය නිවැරදිව යතුරුලියන කර ගන්න.

class Test {
public static void main(String[] args)
{
System.out.println("Hello Sri Lanka");
}
}

එය Test.java ලෙසට සුරකින්න. මතක තබා ගන්න පසු ඇදුතුව (extension) .java ලෙස ලබා දීමට.

පසුව “Command Prompt” යුටිලිටිය විවෘත කරගෙන ගොනුව සුරකින ලද ගොනුවට යන්න.

මගේ පරිඝනකයේ එය D: ධාවකයේ “java” නම් ඩිරෙක්ටරියේ සුරකින ලදි.ඔබට ද ඔබට ඇවසි ස්ථානයක එය සුරැකිය හැකි මුත් එම ඩිරෙක්ටරිය නිවැරදිව තෝරා ගැනීම කල යුතුය.

පසුව පහත කේතය යතුරු ලියනය කරන්න

javac Test.java

සියල්ල නිවැරදිනම් ඔබ නැවත D:\java> යන්නට ගෙනයනු ඇත.
D:\java> මාගේ ගොනු ආකාරයයි.ඔබගේ එය වෙනස් විය හැක.වැදගත් වනුයේ කිසිදු දෝෂ පණිවිඩයක් නොලැබීමයි

ඔබ ඔබගේ ජාවා කේත සහිත ගොනුව සුරකින ලද ඩිරෙක්ටරියට ගොස් බලන්න. ඔබට දැකීමට හැකිවනු ඇත Test.class නමින් අලුතින්ම නව ගොනුවක් සැදී ඇති අයුරු.

javac යන විධානයෙන් සිදුවන්නේ අප ලියන ලද ජාවා කේත JRE (JAVA Run time Environment)  එකට වටහා ගැනීමට හැකි ලෙසට සැකසීමයි (compiling).එහිදී ක්ලාස් ආකාරයේ ගොනුවක් නිර්මානය කරනු ලබයි.එම නිර්මානය කරන ලද “ක්ලාස්” ගොනුව JRE (JAVA Run time Environment)  එක මගින් වටහාගෙන අදාල ප්‍රථිපලය ලබා දෙනු ලබයි.

ඉහත රූපයෙන් එම ක්‍රියාවලිය   දක්වා ඇත.

අප දැන් බලමු සකසා ගත් ජාවා “ක්ලාස්” ගොනුව මගින් කේතනය කරන ලද වැඩසටහන ධාවනය කරන ආකාරය.

මේ සදහා පහත කේතය යතුරු ලියනය කරන්න

java Test

එවිට ඔබට Hello Sri Lanaka ලෙස ප්‍රතිපලය ලැබෙනු ඇත.

මෙහි java නම් කේතය තුලින් අප ලබා දෙන “ක්ලාස්” ගොනුව කියවා එයට අදාල ප්‍රථිපලය ලබා දීම සිදු කරයි. මෙහිදී අප “ක්ලාස්” ගොනුවේ පසු ඇදුතුව (extension) ලබා දිමෙන් වැලකී සීටිය හැක.

මේ ආකාරයට ජාවා ක්‍රමලේඛනයක්   සකසා (compile) ධාවනය (run) කර ගත හැක.

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in පන්ති කාමරේ..., java. Bookmark the permalink.

JAVA භාෂාව ආරම්භක පාඩම- java කේතයන් සකස් කිරීම (compile) හා ධාවනය (run) කිරීම (01 – 3) සදහා ප්‍රතිචාර 7ක් දක්වා ඇත

  1. Dhananja Danushan පවසයි:

    code liyanna notepad eka wagema notepad++ yodagaththata waradak na neda. wisheshayen iganaganna aya. pilithurak denna.

    කැමතියි

  2. මරු තව ලියන්න………………..
    රසායනික විද්‍යාව ඉගෙන ගන්න ඕනෙ නම් http://www.edusin.tk

    කැමතියි

  3. Daminda පවසයි:

    notepad එක පාවිච්චි කරනවට වඩා netbeans එක පාවිච්චි කරන එක ලේසිද?

    කැමතියි

  4. Ruwan Sampath පවසයි:

    දිගටම ලියන්න……………………..
    නියමයි………….

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )