අනා ගැනීමක් ද මේ.. !! : ගොවිතැන හා කෘෂිකර්මාන්තය

ජල වගාව නොහොත්  “Hydro Plantation” , “Hydroponic Greenhouse” ක්‍රමය මා පාසල් යන කාලයේ අපේ අමතර ක්‍රියා කාරකමක් ලෙස ඉගෙන ගනු ලැබුවා.එකල එය ඉතාම මනරම් අත්දැකීමක් උනා. වතුර බට අස්සේ මිරිස්. සලාද කොල, බටු, ආදී ඉතා සාර්තක ලෙස වගාකරනු ලැබීය.පලදාව ද හොද විය.

එකල අප කොට කලිසන් ඇදි කොල්ලො කුරුට්ටො. පොඩි උන් එක්ක හැම දාම වැඩ කිරීමට කැමැත්තක් දැක්වු “කීර්ති අමරතුංග” ගුරුතුමා අපව මෙහෙයවන ලද අතර ඔහු අපගේ “දඟ” ගතිය වගාවට යොදා ගත්තේ, අපට ප්‍රායොගිකව සිද්ධාන්ත ද කියා දෙමිනි.ඔහු අපව දිනක් ගන්නෝරුව ඇති පර්යේශනාගාරයකට රැගෙන ගියා.අප එවකට නවය ශ්‍රේණියේ සිටි අතර “පටක රොපය” ආදි වු ක්‍රම ශිල්ප එහෙන් මෙහෙන් අතගාගෙන සිටි අතර නියම රසායනාගාර තත්ව දුටු අප “පිනා” යන්නට විය. පසුව ඔහු “ආරුක්කු” හැඩති “කූඩාරම්” වැනි කුට් වලට රැගෙන ගිය අතර එවා තුල වුයේ වගා කරන ලද “සරුවට” (හොදට හැදිල තිබ්බා ලොකුවට, හොද පාටට ) හැදුන එළවලු. අපිට හරි පුදුමයි.පසුව එම “අධ්‍යාපන චාරිකාව” නිම කොට පාසැලට පැමිනි අප දුටුවේ පසලේද ගන්නොරුවේ දී දුටු “කූඩාරම්” සැදීම පටන් ගත් බවය.

“හරිතාගාර” තුල වගාව පිලිබද මා මුලින්ම දැන ගත්තේ ඔය ආකාරටයි. පසුව හරිතාගාර ආචරනය නැමති ගෝලිය “අර්බුදය” පන්තිකාමාරයේ සිට උගතෙමි.එසෙම “හරිතාගාර” වල තාක්ෂණය හා ක්‍රියාකාරීත්වයද උගත්තෙමි.ඒ පිලිබද අධ්‍යනය පර්යේශණ සිදු කලෙමි.

ලංකාව යනු සමකාසන්න නිවර්තන දේශගුනයක් හිමි රටකි.අපට වසර පුරා සන්තතිකව හිරු එලිය ලැබෙන අතර එබැවින් අප සතුව “සදා හරිත” ශාඛ විවිධත්වයක් ඇත.

මෙය අදුනා ගත් පුරතන ගොවියා “හේන් ගොවිතැන” “කුඹුරු ගොවිතැන” ආදිය මැනවින් සිදුකර ගන්නා ලද අතර, එකල ආහාර අතිරික්තියක්ද තිබී ඇත.(නමුත් එවා විනාශ කලේ නැත )

නමුත් පසු කාලීනව බටහිර ක්‍රම ශිල්ප කෙරේ නැඹුරු වු (බලෙන් නැඹුරු කරන ලද ) අපේ “උගත් ගොවියන්” වඩා වැඩි ප්‍රතිලාබ ලැබීම උදෙසා සම්ප්‍රදායික පුරුදු ක්‍රම අත් හැර  “යන්ත්‍ර” වෙතම රැදෙන්නට විය.

අද වන විට සහල් අප ආනයනයට පෙලබී ඇත.

අප නොදැන හෝ දැන “සියල්ලම” අනාගෙන ඇත.

අප අධ්‍යාපනයේ සිටම අනා ගැනිම කර ගෙන ඇති බව මා හට දැන් වැටහේ..

එකල ගොවිතැන ආශ්‍රිතව මහා සංකෘතියක් හර පද්ධතියක් දැනුමක් නිර්මාණය උනි.රබර් “බූට්ස්” දමා අතට “ග්ලව්ස්” දමා “එෆ් එම්” එකට සවන් දී ගෙන “කෘෂි කර්මාන්තයේ” යෙදෙන “උගත්” ගොවියාටත් මතක් වීම පිනිස පහත “නූගත්” “ගොවිතැන්” කල ගොවියාගේ පද ගැලපුම උපහැරනක්ම වේවා…!

නුග පත් නුග අරළු නුග බෝ                 රජුන්ටයි
එම පත් දෙවි වසන සක් දෙවි              රජුන්ටයි
මිහිකත් අනග යුදයෙන් කඩු                දිනන්ටයි
වැඳ ගත්තෙමි සරණ පැල් කවි           කියන්ටයි

ලස්සන හිමවතේ මා වී                    පැසෙන්නේ
දුක්දෙන අලි ඇතුන් පන්නා                  හරින්නේ
රැක්මෙන දෙවියනේ වෙලෙ බත්        බුදින්නේ
දුප්පත් කම නිසයි මම පැල්                 රකින්නේ

කල්බලා නොවෙද ගොවිතැන්           කරන්නේ
මල්වරා නොවේද කිරිවැද              පැසෙන්නේ
සෙනසුර නොවෙද වැහිපල                නුදුන්නේ
ලොව්තුරා බුදුන් කවදද                       දකින්නේ

හිරු දෙවියන් ගිරි මුදුනින් වඩින                තුරා
සඳ දෙවියන් තරු අතරින් වඩින                තුරා
සැම දෙවියන් සිව් හෙළයෙන් වඩින         තුරා
සිව්පද කියමු රට ඉසුරෙන් පිරෙන             තුරා

අපේ හෙළයේ “ගොවිතැන්” කල “ගොවියගේ මූලික අරමුන වුයෙ කුමක් දැයි ඉහත කවි පෙල ගැසීමෙන් ගම්‍යවනු නිසැකයි.

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කථාන්දර, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

අනා ගැනීමක් ද මේ.. !! : ගොවිතැන හා කෘෂිකර්මාන්තය සදහා ප්‍රතිචාර 2ක් දක්වා ඇත

  1. thilan පවසයි:

    රජ රට වකුගඩු රෝගයට හේතුවත් කෘශි රසායන වල තියන ආසනික් කියල පත්තරවල තිබුනා මමත් හිතන්නෙ අපි සියලු දේම අනාගෙන කියල. ඉස්සර කුබුරක් ලගින් යනකොට එන මැටියන්ගෙ සද්දෙ දැන් නැත්තෙ ඇය්?. ස්වාභාවිකව හිටපු පලිබෝද නාශකයො මරාදාලා සල්ලිවලට ආසනික් මිශ්‍ර කෘශි රසායන ගහනවා. හිතන්න මේ කෘශි රසායන නිසා කොච්චර පොඩි පොඩි සතුන් වද වෙලාද කියල. පොඩි එකෙකුට පෙන්නන්න අසාවට කණාමැදිරියෙක් හොයගන්න නැ. මම හිතන්නෙ අපි අනාගෙන හොදටම අනාගෙන

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )