JAVA භාෂාව ආරම්භක පාඩම- හැදින්වීම (01 – 1)

ජාවා යනු කුමක්ද..?

ජාවා

  • Object Oriented
  • Platform independent
  • සරළ (simple)
  • ආරක්ෂිත (Secure)
  • වාස්තු රූපි ස්වායක්ත  (Architectural- neutral)
  • පහසු හැසිරවීම  (Portable)
  • ශක්තිමත් ( robust)
  • Multi-threaded
  • Interpreted
  • ඉහළ කාර්යශම ( High Performance )
  • පැතිරුනු ( Distributed)
  • ගතික (Dynamic)

ආදි ලක්ෂණ සහිත “පරිඝණක ක්‍රමලේඛන භාෂාවකි“.

“ජාවා” ක්‍රමලේඛන භාෂාව ඉතා විශාල ව්‍යවසාය මට්ටමේ (Enterprise Level) යෙදයුම් නිර්මාණය කිරීමට  යොදා ගත හැකි ඉතා ප්‍රභල හා ජනප්‍රිය ක්‍රමලේඛන භාෂාවක් වෙයි.

අනූව දශකයේ මුල් භාගයේ, Sun Microsystems සමාගම විසින් නිර්මානය කරන ලද “ඕක්” නම් පරිඝනක භාෂාව තුලින් “ජාවා” භාෂාව පරිනාමනය විය.
“ඕක්” හි වු අසාර්ථක භාවය හා දුර්වලතා නිවැරදි කරමින් අනුපහ සමයේ  ලෝක ව්‍යාප්ත ජාලය (World Wide Web) වෙත ප්‍රධාන අවධානය යොමු කරමින්  “ජාවා” ක්‍රමලේඛන භාෂාව එලි දක්වන ලදි.

C++ ක්‍රමලේඛන භාෂාවට සාමාන කම් ජාවා ක්‍රමලේඛන භාෂාව දක්වයි.

ජේම්ස් ගොසලින් මැතීතුමා ජාවා ක්‍රමලේඛන භාෂාවේ පියා ලෙස හදුන්වයි.

ජාවා මුලික තාක්ෂණය

ජාවා හි තාක්ෂණය  “Java Virtual Machine (JVM)” සංකල්පය මත රදා පවති. එම Java Virtual Machine (JVM) මගින් ජාවා “byte code” පරිඝනකයට වටහාගත හැකි “machine language” බවට පත් කරනු ලබයි.

පහත රූප සටහන් අධ්‍යනය කරන්න.

ජාවා තාක්ෂණයේ වු විවිධ සංස්කරන

Java SE – ( Java Standard Edition )

මෙම සංසකරනය මගින්, සපයනු ලබන විවිධ “මෙවලම්” (Tools) හා API’s භාවිතා කරමින්, වින්ඩොව්ස්, ලින්ක්ස්, සොලාරිස්,මැකින්ටොෂ් වැනි විවිධ පාරිසරික වලට යෙදව්ම් නිර්මාණය කල හැකි වෙයි.

JEE – ( Java Enterprise Edition )

මෙම JEE සංස්කරනය Java SE පාදක කොට ගෙන ඉදිරිපත් කර ඇත.මෙම JEE සංස්කරනය විශේෂයෙන්ම

  • Web Application Service
  • Component model
  • Enterprise class
  • Service Oriented Architecture (SOA )

යන පහසුකම් හා සේවා සදහා ඉදිරිපත් කොට ඇත

JME – ( Java Micro Edition )

මෙම JME සංස්කරනය විශේෂයෙන්ම වාගේ ඉදිරිපත් කොට ඇත්තේ. ජංගම දුරකථන, PDAs, පරිඝනක ආශ්‍රිත සියුම් ක්‍රිඩා, වැනි කුඩා උපකරන සදහා යෙදුම් නිර්මානය කිරීමටයි.

මීලඟ ලිපියෙන් නිවැරදිව ජාවා පරිඝනකයේ ස්තාපනය කර ගැනීම විමසා බලමු

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in පන්ති කාමරේ..., java and tagged , , . Bookmark the permalink.

10 Responses to JAVA භාෂාව ආරම්භක පාඩම- හැදින්වීම (01 – 1)

  1. Dilan Maduranga පවසයි:

    දිගටම ලියන්න … ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඒත් එක එක ලිපි වලින් ටික ටික දාන්වට වඩා එක දෙයක් ගැන ලියන ලිපියක් ටිකක් දිගට ලියනව නම් මම කැමතියි. ඒක කියවන කෙනාට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඉඩතියෙනවා. මේක මගේ අදහසක් විතරයි.

    කැමතියි

  2. Daminda පවසයි:

    එල එල දිගටම ලියන්න.

    කැමතියි

  3. එල එල!
    ඇත්තටම මේ පාඩම් මාලව හොඳ රුකුලක් වෙවෙ අපට 🙂

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න