නොහික්මුනු ආත්මය

මා මිත්‍ර “දුමින්ද විජේරත්න” වෘතියෙන් වෙබ් අඩවි නිර්මාපකයෙකි, නමුත් ඔහු ඡායාරූපකරනයට දක්ෂයෙකි.ඔහුගේ කැමරා ඇසට අසුවූ මෙම රූපය මගේ සිත් ගත් රූපයකි.

“මා දැන් මිය ගොස්ය…
නමුත් මාගේ නොහික්මුනු ආත්මය
ඔබ සොයා තවමත් ඇදී යයි..
පෙර දිනක ඔබ හා මා
උනුනට තුරුල් වී හුන් වෙරළ කොන වු බංකුව..
නොසිටියත් ඔබ අද මා ලඟ
මා තවම “බංකුව” මත ඔබ එතැයි
පාර දෙස බලනවා”


About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සිත් ගත් රූප, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

8 Responses to නොහික්මුනු ආත්මය

  1. අඛිල ජයලත් පවසයි:

    සේයාරුව ගැන අප මිතු තේනුවර මහත්මයා කථාකරානෙ, අන්තර්ගත සංකල්පනාව ලෞඛිකයි. ඔය ඇලීම ඇතිතාක් සසර දිගයි. මේ මගේ හැගීමයි.

    කැමතියි

  2. කල්හාර පවසයි:

    අවංකවම මට නම් ඕක නිකංම නිකං ෆොටෝ එකක් බැලුවා වගේ………….. ඒත් ඒක දිහා හොඳට හිතලා බලන කෙනෙකුට කොච්චර අදහස් එනවද………………..

    කැමතියි

  3. Indranatha Thenuwara පවසයි:

    සත්තකින් ම පින්තූරය හොඳයි තමා…
    හොඳ කැමරාවක් තිබූ පමණින් හොඳ පින්තූර ගත නොහැකිය. එසේනම් ටයිප් රයිටරයට නවකතා ද ලිවිය හැකි වනු ඇත…!!!

    කැමතියි

    • umanda පවසයි:

      තේනුවර මහත්මයා, බොහොම ස්තුතියි, මෙහි ඇති සුන්දරත්වය හා ඔහුගේ හැකියාවට දිරි දීමක් ලෙසයි මා මේ ඡායාරූපේ මගේ බ්ලොගයේ දැම්මේ.

      “දුමින්ද” මා පුද්ගලිකව හදුනන මාගේ සහෘදයෙක්, ඔහු වෘතීමය ඡායාරූප ශිල්පියෙක් නොවුනට ඔහුගේ තෙවැනි ඇස හරිම කලාකාමී.

      කැමතියි

  4. අරුණ පවසයි:

    එල පොටෝ එක… කලාත්මක දෙයක් දකින්නත් ඒක රසවිදින්නත් සොදුරු සිතක්ම තියෙන්න ඕන

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න