ඉද හිනැහෙන්නේ අපේ අප්පච්චි..

අප්පච්චි, මගේ ලෝකේ මගේ වීරයා.
සැම මිනිසකුගේම
මහා මාර්ගෝපදේශකයා,
මහා දාර්ශනිකයා,
කළ්‍යාණ මිත්‍රයා,
මා ඇති දැඩි කල මාගේ අප්පච්චිට මේ ගීතය උපහාරයක්ම වේවා..!

අව්වේ මුතු කැට වපුරා
ඒ මුතු පණමට හරවා
අපේ කුසේ ගිණි නිවලා
නුඹ කුස ගින්නේ
ඉද හිනැහෙන්නේ අපේ අප්පච්චි
නුඹ කුස ගින්නේ අපේ අප්පච්චි

අපා දෙපා සිව්පාවුන්
ගෙන එන වින වලකන්නට
සනසා නුඹ අප වටකර දඬු වැට වෙද්දී
මහා කැළේට ඇස් මානා අපේ අප්පච්චී

ජීවිතයේ බඹර වෙලින්
පැණි හොයලා රූටන්නේ
හිත හයියට කල වැල් පොට වර පොට වෙච්චී
විරිය පාරමිත පුරන අපෙ අප්පච්චී

ගායනය ක්‍රිෂාන්ත එරන්දක

ගීතයේ  mp3 ගොනුව  මෙතනින්  බා ගන්න

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in සිත්ගත් ගී, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

7 Responses to ඉද හිනැහෙන්නේ අපේ අප්පච්චි..

  1. අසුරයා පවසයි:

    මාර ලස්සන පද ටික. කඩ හඩත් කියලා වැඩක් නෑ. සංගීතය උපරිමයි. ස්තුතියි ලියලා දැම්මට.

    කැමතියි

  2. Prabhath පවසයි:

    Great work friend.. thanx… godak hithata vadina lassana song ekak… niyamai.. man langa me’ song eke mp3 version eka thibbe ne.. man eka download karagaththa.. thanx.. oyatath sinhala songs monava hari one vunoth illanna mage langath loku collection ekak thiyenava… digatama me’ vage songs danna.. thanx again

    කැමතියි

  3. නදී... පවසයි:

    අපේ අප්පච්චිත් නැතිවෙලා ඊයෙට අවුරුදු 9ක් වුනා.අපේ ලෝකෙ වීරයා වුනෙත් අප්පච්චී

    කැමතියි

  4. Kasun පවසයි:

    වන්නි වන පෙතේ
    ගම් දනව් පුරා නිවහන
    වංකගිරි වනේ වෙසතුරු සදිසි පියවරුන්
    අත්මුදුන්තබා බැතියෙන් වන්දනා කරම්…..

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න