HTML ආරම්භක පාඩම – කේතනය ඇරඹුම (01 – 2)

HTML කේතනය  සදහා ඔබට

  1. HTML සංස්කරණ යෙදවුම් (HTML editor)
  2. වෙබ් සර්වරයක් (web server)
  3. වෙබ් අඩවියක් (web site)

අවශ්‍ය නොවේ.

HTML සංස්කරනය

මේ සදහා ඔබට පහසු යෙදව්මක් භාවිතා කල හැක. ඒ සදහා බොහෝ වචන සකසන(Text Editors ) ඇත.

වෘතීය මට්ටමේ සංවර්ධන කටයුතු සදහා

  • Zend Studio(නොමිලේ ලබා ගත හැක)
  • NetBeans (නොමිලේ ලබා ගත හැක)
  • Eclips (නොමිලේ ලබා ගත හැක)
  • phpDesigner (මුදල් ගෙවා ලබා ගත හැක.)*
  • Adobe Dreamweaver (මුදල් ගෙවා ලබා ගත හැක.)*

(*නමුත් අත් හදා බැලීම් සංස්කරනය තවකාලිකව ලබාගත හැක.)

යන වචන සකසන(Text Editors ) දැක්විය හැක.

වචන සකසන(Text Editors ) බාගත කර ගැනීම සදහා අදාල වචන සකසනයේ (Text Editors ) නම මත click කරන්න

නමුත් ආධුනිකයෙකුට Notepad++ භාවිත කිරීම ඉතා සුදුසු වෙයි. Notepad++ නොමිලේ ලබා ගත හැක.

HTML  ගොනු වල දිගුව (extension) “.htm”, “.html″ ලෙස භාවිත කළ හැකිය.


<html>
<head>
<title>This is My First Web Page</title>
</head>
<body>
<h1>This is my Article headding</h1>
<p>This is first paragraph.</p>
<p>This is second paragraph.</p>
</body>
</html>

ඉහත කේතය ඔබගේ වචන සකසන(Text Editors )  magin niwAradiwa yaturu liyanaya koTa “Test.html”  (ඔබට කැමති නමක් භාවිත කල හැක.නමුත් දිගුව (extension) .html හෝ .htm  විය යුතුය. )

<html></html>  – සියලුම ටැග මෙම ටැග දෙක අතර ලියනු ලබයි

<head></head> – මෙම ටැගය තුලට බාහිර / අභ්‍යන්තර JavaScript හා css ගොනු (ඉදිරියේ කාථා කරනු ලබයි ) එකතු කරනු ලබයි.එසේම මෙම ටැග අතර <title></title> ටැගය ද යොදා ගනී.ඉදිරියේදි ටැග පිලිබද කතා කරන විට වඩා ක්‍රමවත් පැහැදිලි කිරීමක් ලබා දීමට කටයුතු කරමි.

<title></title> – මෙය මගින් වෙබ් පිටුවේ මාතෘකාව (title) ලබා දෙනු ලබයි.

<body></body> – වෙබ් පිටුවේ අපට පෙනෙන සියලුම දෙවල් මෙම ටැග අතර ලියනු ලබයි

පසුව එය ඔබගේ වෙබ් බ්‍රව්සරය හරහා විවෘත කර ගන්න. ඔබට පහත පරිදි ප්‍රථිපලයක් ලැබෙනු ඇත.

ඉදිරි පාඩම් මගින් HTML ටැග පිලිබද කතා කිරීමට බලාපොරොත්තු වෙමි.

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in පන්ති කාමරේ..., HTML / css and tagged , , . Bookmark the permalink.

2 Responses to HTML ආරම්භක පාඩම – කේතනය ඇරඹුම (01 – 2)

  1. damith පවසයි:

    ගොඩක් වටිනවා….තමන්ගේ දැනුම බෙදල දෙන එක පින් අතේ වැඩක්.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න