පුවත් පතක පල වු මාගේ පළමු නිර්මාණය

අවුරුදු නිවාඩුවට ගමේ ගිය පසු මා දුටුවේ අප්පච්චී විසින් මාගේ කාමරය අස්පස් කිරීමට ගන්න වෑයමය.තැනෙක පරණ අච්චු පොත්ය. තව තැනෙක සටහන් පොත්ය,ඒ අතර එහෙ මෙහේ දමා ඇති පරණ රේඩියෝ හා රූපවාහිණී යන්ත්‍රවල පරිපථ කොටස්ය.තව තැනක සත්ව ඇට කටුය..මා දුටු දර්ශනය කටු ගෙය මවා පෑමුත් එතුල වූ පිලිවෙල මාගේ කාමරයේ මා දුටුවේ නැත.අප්පච්චි සියල්ල අමතක කොට පත්තර ගොඩක් බදාගෙන හැල් හොල්මනක් නැතුව කියවමින් සිටී.ඔහුගේ මුවග ඇත්තේ මද සිනාවකි.එතුල ආඩම්බරය පිරී ඇතැයි මට සිතුනි. ඔහු කියවමින් සිටියේ මීට වසර දොළහකට දහතුනකට එපිටින් වු මා එකතු කරන ලද පත්තර මිටියකි.හදිසියේම මාගේ දර්ශණයෙන් මුව විවර කල ඔහු “මෙන්න පුතා, පුතාගේ ලිපියක් ” යැයි කියමින් පත්තර පිටුවක් මා වෙත දිගු කරන ලදි.සැබෑවකි එය මා විසින් ලියන ලද්දකි.එය මාගේ නිර්මාණයක් පළමුවර පුවත් පතක පල වු අවස්ථාව විය.

අප්පච්චිගෙනුත් , අම්මගෙනුත් මා හුරු කරගත් ලිවීමේ කුසලතාවය මා කුඩා කල සිටම පැවතුනි.දිනක් මාගේ මව මා හා කියා සිටියේ, යන්තම් කුරුටු ගෑමට දත් දිනේ සිට මා විකාර බලි රූප තැන තැන කුරුටු ගෑමට උනන්දු වු බවය.අතට අසුවන්නේ කුමක්ද, එයින් මා මොනයම් දෙයක් හෝ ලියයි , අදියි. අපේ නිවසේ සියලු ඉහුම් පිහුම් කරනුයේ දර ලිප් වලින් බැවින් “අඟුරු” සුලභ වෙයි.එම දැවි “අඟුරු” මගේ කටුසටහන් වල රේඛා සදහා පණ පොවනු ලබයි..කොහේ හෝ ඇති බිත්තියක්, ලෑල්ලක්, හෝ  ගසක්, ගසක් අත්තක්, පත්තර කොලයක්, එම බලි කුරුටු සුරැකිව පරිස්සම් කර ගනී. එම දඟකාර හැසිරීම මගේ අතැඟිලි වලට ලිවීම නම් වු කලාව ආරූඪ කරවන ලදි. අකුරු සාස්තර පියවරින් පියවර උගෙන ගෙන බස හැසිරි වීමේ ක්‍රම වේදයද උගත් මා “අඟුරු” ඉවතලා “බිත්ති, ලෑලි ,ගස් කොලන්” ඉවත ලා “බෝල් පොයින්ට් පෑනටත්” “කොපි කොලයටත්” මාරු විය.එහේ මෙහේ දුවමින් ගී කියමින් බලි ඇන්ද මා පනවන ලද පුටුවකට හරි බරි ගැසී මහ උජාරුවෙන් මෙන් ලියන්නට විය.මා එකල “විජය” පුවත් පත කියවීමට ඇබ්බැහි වී සිටියෙමි.මා හට කිය වීම තරම් දෙයක් එකල නොවීය.එහි තිබූ විවිධ දරුවන්ගේ නිර්මණ දුටු මටද එවැන්නක් කිරීමට සිත් විය.නමුත් මා හට එය කෙසේ කරම්දැයි අදහසක් නොවීය.නමුත් මා කුඩා ලිපියක් සකසා ගතිමි.එකල මා සාන්ත තෝමස් විද්‍යාලයේ හය ශ්‍රේණිය බී පන්තියේ ඉගෙනුම ලැබුවෙමි.එහි “සජී මහරත්ගේ” නමින් මාගේ මිත්‍රයෙක් සිටි අතර ඔහුගේ මාර්ගයෙන් “විජය” පුවත් පත සදහා ලිපිය යවන ආකාරය සොයා දැන ගත්තෙමි.අනතුරුව මා එම ලිපිය පුවත් පතෙහි පල කිරීම සදහා යොමු කරන ලදි.

ඟං ඉවුරක ගෙවුන සැන්දෑවක්

හිරු අපර දිගින් බැස යන මේ වෙලාවේ ඟං ඉවුර කොතරම් සුන්දර දැයි මට සිතුනි.බැස යන හිරුගේ රශ්මියෙන් මුලු ඟං ඉවුරම අලංකාඒ වී ඇත. ඟගේ සිටින “ලූලන්, පෙතියන්” වැනි මාළුන්ගේ වරල් සලන තාලයට පක්ෂීහු “කිචි බිචි” ගාමින් රැඟුම් රඟන්නාහ.කෙළවරක් නැතිව ගල් පර වල හැපෙමින් කඩිසරව ගසා ගෙන යන “ඟග” දිග සේලයක් සේ පෙනුණි. ”

ගසක අත්තක උඩ සිටි කොක් හාමි මාළුවකු දැක ගෙල රිටක් සේ දිගු කලේය.කලු පැහැති කුඩ ඉහිලිලුවා සේ වවුලෝ එහා මෙහා පියාසර කරති.කෙමෙන් අඳුර ළං වන බව මට හැඟුනේ සැඳෑ වලාකුළු අතරින් හිරු බැස යන විටය.කාලය කෙමෙන් නොදැනීම ගෙවී ගිය බව මට වැටහුණි.මා නිවස කරා පිය මැනුවත් මාගේ සිත තවමත් ඟං ඉවුරෙහි රැදී ගත් සේ මට හැඟුණි.

අප්පච්චිගෙන් ලද ලිපිය කියවා අවසන් කල මා හිතේත සියුම් ආඩම්බරක් සහිත සිනා රැල්ලක් නැගුනි.මවගෙන් ලද උනුසුම් තේ කෝප්පයද රැගෙන ඉස්තොප්පුව දෙසට පියමං කලේ නැවත වරක් ලිපිය කියවන අදිටනෙනි.

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කථාන්දර, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

4 Responses to පුවත් පතක පල වු මාගේ පළමු නිර්මාණය

  1. අඛිල ජයලත් පවසයි:

    ^^මා නිවස කරා පිය මැනුවත් මාගේ සිත තවමත් ඟං ඉවුරෙහි රැදී ගත් සේ මට හැඟුණි.^^
    *********************************************************************
    එය හිතලුවක් නොව, සැබෑවකි, සැබෑවකි. කරුණාවෙන් ආරාධනාකර සහෘදයින් පිරිවරා., අද ඔබ තොටුපොලේ රැදී., මතකයන් හා බැදී රගනුයේ., මේ හුරුවම නොවේද සබද.

    කැමතියි

  2. chamara පවසයි:

    හරිම ලස්සනයි. පුංචි, බොහොම ලස්සන නිර්මාණයක්.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )