සබද අපි කදු නොවෙමු – උනුන් පරයා නැගෙන

සබද අපි කදු නොවෙමු – උනුන් පරයා නැගෙන
සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන
සබද අපි කදු නොවෙමු – උනුන් පරයා නැගෙන
සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන

වියරු ගිණිදැල් නොවෙමු – වනය අවුලා තබන
සිසිල දෙන වැස්සවෙමු – දැවෙන වනයට වැටෙන

සබද අපි කදු නොවෙමු – උනුන් පරයා නැගෙන
සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන

නපුරු හීනය නොවෙමු- ළමුන් නිදි සුව විදින
සොදුරු අඩහැරය වෙමු – දනන් නින්දෙන් මුදන

සබද අපි කදු නොවෙමු – උනුන් පරයා නැගෙන
සුනිල දිය දහරවෙමු -එකම ගගකට වැටෙන

– ගුණදාස කපුගේ-

******
” මට කලෙයිවානි මුණගැහුණේ මඩකලපුවේදී. කල්අඩිපාලම පාමුල සින්දු කියන මාලූවන්ගෙ සද්දෙ අහන්න විතරක් හිත හදාගෙන හිටපු මට නිල්පාට සාරිය ඇදලා පොට්ටු තියපු කෙලෙයිවානිගේ අහිංසක ඇස්වලින් කියන කතාව අහන්න හිතුනා. ඒත් අවාසනාවන්ත විදිහට භාෂාව ඇවිත් අපේ කතාව මැද්දට හරස් වුණා. සිංහල ගෑණූ දැරිවියක් වුණ මම දෙමළෙන් කියන්න දැනගෙන හිටියේ ‘‘ ඉන්රූ කාලනිෙලෙයි නල්ලම්’’ කියලයි ‘‘ අද කාලගුණේ හොදයි.’’ කාදිල්ක නේරම් ඉල්ලෙ කියලයි (ආදරේ කරන්න වෙලාවක් නෑ’’ කියන එකයි විතරයි. ඒවත් ඉගෙන ගත්තේ දහය එකළොහ පන්ති වලදී හොරෙන් බලපු ප්‍රේම කතා පත්තර වලින්.

ඒ මොනවා වුණත් අපේ හදවතේ භාෂාව අනික් හැමදේකටම වඩා ඉස්සරහට අවා. මම හෙමින් කෙලෙයිවානිගෙ අත අල්ලා ගත්තා. දන්නවද හරි අපූරූ උණුසුමක් ඇවිත් මගේ හදවතට තුරුලූ උණා. ඒක හරි ලස්සණ මිතුරු සිත්තමක්. මඩකලපුවේ මාධ්‍ය නිවසේ දොරකඩ හිටපු අපි අත් දෙක අල්ලගෙන කලපු ඉවුරට පාර පැන්නෙ ගෙවිලා යන හැන්දෑවේ ලස්සණත් එක්කමයි. නිල්පාට අහසේ රන්වන් පාට තැවරිලා..

‘‘ ඔයා මෙහෙට ආසයිද..’’ කෙලෙයිවානි මගෙන් ඇහුවේ කලපුව
පෙන්නලා නොදන්නා සිංහල දන්න තරමින් ගැට ගහගෙන.
‘‘ ඔව්’’ මම ඔලූව හෙලෙව්වෙ අදුරත් එක්කම වයසට ගිය නිල්පාටක් තිබ්බ කලපුව දිහා බලාගෙන.
‘‘ ඔයත් ආසයිද.’’ මම ඇගෙන් ඇහුව්වා.
‘‘ඔව් මම එයාට ආදරෙයි’’ කෙලෙයිවානි මම දිහා බලාගෙන මහමුහදට ආදරෙයි කිව්වා.
අපි අපි ගැන ගොඩක් දෙවල් කතා කළා. ඒක හරි අපූරුයි. කෙලෙයිවානිට ඇබින්දක් සිංහල පුලූවන්. මම නම් දෙමළ කතා කරන්න දන්නෙම නෑ. ඒත් දෙමළ සිංහල, ඉංග‍්‍රිසි ඔක්කොම එකතුවෙන් අපි අපි ගැන දැන ගත්තා.කෙලෙයිවානි කියපු කතාවක් මගේ හිතේ පතුලටම කා වැදුණා. භාෂා ප‍්‍රශ්නෙ නිසා මම මහ මෝඩ විදිහට කෙලෙයිවානිට කීවා ඔයා සිංහල ඉගෙන ගන්න එතකොට අපිට හො`දට කතා කරන්න පුලූවන් කියලා. ඇය හිනාවුණා.
‘‘ මම සිංහල ඉගෙන ගන්න ආසයි. ඊට වඩා මම ආසයි ඔයා දෙමළ ඉගෙන ගන්නවා දකින්න.’’ ඒ කතාවේ ලොකු ඇත්තක් තිබ්බා. මම මගේ පවුලෙ විස්තර කීවා. ඒත් කෙලෙයිවානි එයාගෙ පවුලෙ විස්තර කියන්න ගියාම මගේ පපුව පිච්චිලා ගියා.
‘‘ මගෙ පවුලෙ හත් දෙනෙක් ඉන්නවා. තාත්තා නෑ. මම ඉන්නෙ ළමා නිවාසෙක. එහෙ අන්කල් තමයි මගෙ තාත්තා වගේ ඉන්නෙ.’’ ඇය සැහැල්ලූවෙන් කීවා. ඒත් ඒ ඇස් තිබුණෙ කලපුවේ එහා කෙළවරේ. මම ඒ අත්දෙක තද කරලා අල්ලා ගත්තා.මම එතනින් එහාට මොනවත්ම ඇහුවේ නැහැ. කෙලෙයිවානි ලස්සණ නිල් ඇස් වලින් මම දිහා බලලා හිනා වුණා.
මේ වෙද්දි කෙලෙයිවානි මඩකලපුවේ මාධ්‍යවේදිනියක්. ඇය මඩකලපුවේ සරණජෝති ළමා නිවාසෙ ජීවත්වෙන්නෙ මව්පියන් නොමැති දරුවන්ට මවක් වෙලා. ඇත්ත කෙලෙයිවානිගේ හදවතේ මුදු මව්ගුණය මම ස්පර්ශ කළා. තවස් දවස් කීපයකට පස්සෙ මම කොළඹ එන්න හැරුණා. ඒ වෙද්දි මමයි කෙලෙයිවානියි හො`ද යාලූවො වෙලා. මම එයාගේ මොබයිල් නම්බර් එක ඉල්ලූවා.
‘‘ මට ෆොන් එකක් නැහැ. අන්කල්ගෙ නම්බර් එක දෙන්නම්’’ අපි සමුගත්තේ තුනී කදුලූ තට්ටුවක් ඇස් වල තියාගෙන.
‘‘ ආයෙත් එන්න’’ නිල් ඇස්වල ඒ විදිහෙ ආරාධනයක් තිබ්බා. සින්දු කියන මාලූන්ගෙ දේශයෙන් අපේ යාලූකම අරගෙන මම අගනුවරට ආවා. කෙලෙයිවානි මතක් වෙන හැමවෙලාවකම මගෙ හිතට එන්නෙ හරී අපූරූ හැගීමක්. මේ දැනුත්..”

*****
-Ganegoda
http://www.facebook.com/l/da024f3vIAiTHk1ChbPQhZIk3Pw/ganegoda.wordpress.com/2010/06/20/38/

කපුගේ ගීයෙන් කිව්වෙත් ගනේගොඩ කථාවෙන් කියව්වෙත් එකම සමාජ යථාර්තය නොවේද..? මිනිසා තවකෙකුගෙන් වෙනස් වන දෙයක් තව තිබෙද ගැනු පිරිමි කමින් හැර…????

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කථාන්දර, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

One Response to සබද අපි කදු නොවෙමු – උනුන් පරයා නැගෙන

  1. Dishan Savithra Rajapaksha පවසයි:

    ලස්සනයි, සමහරවෙලාවට නොහිතන වෙලාවක අපේ ජීවිතවලට එන යාලුවෝ නොහිතන විදිහට අපිට සමීප වෙනවා, I love those kind of happenings 🙂

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )