බ්ලොග් පිටු අතර සරන විට මාගේ සිත් වසග කල පද වැලක් දුටුවෙමි.
නුවර වසන්තය
නුවර වැව් කෙම් කොණට
වසන්තය ඇවිතින්
රොබරෝසියා මල් තවම පිපෙනවා ඇති
මල් පෙති මතින් පිය නඟන
අපි නැතිමුත්
ඉස්සර පුරුද්දට…
පිණි වැටෙනා හිමිදිර
මිඳුමෙන් පෙවෙන
හන්තාන තවම බැලුම්ලානවා ඇති
මං මාවත් සැරිසරන
අපි නැතිමුත්
ඉස්සර පුරුද්දට…
රෑ අඳුරු අහසට
සිතුවම් රටා මවන
තරු මල් තවම පිපෙනවා ඇති
තරු ගැන කවි ගොතන
අපි නැතිමුත්
ඉස්සර පුරුද්දට…
නුවර අහස් බිම යට
හෙලු මතක සුසුම් පෙළ
අපේ සමනළ වසන්තයැයි
සිතුවේ නෑ කවුරුත්
ඒත් නුවරට වසන්තය ඇවිත් ඇති
අපි දැන් නැතිමුත්
තවමත් ඉස්සර පුරුද්දට….
(පද වැල උපුටා ගැනීම gAneema http://www.facebook.com/l/da024tz1ZwXhbNVnoFucpOU-0uQ/binkublog.blogspot.com/ )
කොලොම්පුරේ කල්ගෙවන මට හුරු පුරුදු මහ නුවර….කොතරම් අසිරිමත් පෙදෙසක්ද ඉහත පද වැල තුල මා සිත් ගත් අපූරුතම පදවැල…
“නුවර අහස් බිම යට
හෙලු මතක සුසුම් පෙළ
අපේ සමනළ වසන්තයැයි
සිතුවේ නෑ කවුරුත්
ඒත් නුවරට වසන්තය ඇවිත් ඇති
අපි දැන් නැතිමුත්
තවමත් ඉස්සර පුරුද්දට….”
එලැබෙන්නේ වසන්ත සමයයි….මේ වසන්තයෙත් නුවර වැව වටේ රොබරෝසියා මල් පිපෙවි….උදෑසන හිරිගඩු පිපෙන පින්නේ ගැහි ගැහි වැව රව්මේ ඇවිදින කල, මාළිගාව තුලි ඇසෙන උදෑසන තේවාව……දුන් දමන වැව් තලේ උඩ පනින තිලාපියන් නිදහස් ලොවක අසිරිය මානාවට උලුප්පයි.රැජින හෝටලයේ සිට එලියට පනින සුදු නෝනා වරු මහත්වරු මාළිගාවේ තේජසින් ඇලලී වැවරව්මේ සීරුවට අව්ව සොයා ඇවිදින අයුරු…..හන්තාන කන්ද මුදුනින් පාවෙන වලා පෙල මගින් වැටෙන හෙවනැල්ල ගුප්ත බව දෙගුන තෙගුන කරයි.
කෙතරම් නම් වතාවක් වැව රව්මේ බංකු උඩ ඉදගෙන කාලය ගෙවන්නට ඇද්ද… 🙂
යට ගිය මතකය තුල ඇත්තේ මිහිරියාවක්ද කියා ගැනුමට බැරි වේදනාවක්ද යන්න මට හරි හැති ගම්‍ය නොවේ.
නුවරත් මාත් අතර ඇත්තේ මහා පුදුමාකාර බැදීමකි.නුවර ඇති..සොදුරු බව එහි ඇති ගුප්ත්ත බව විදීම හැර විස්තර කිරීම කෙසේ කරමිද.? නුවර හා මා අතර ඇතේ මහා පුදුමා කාර ප්‍රේමයක්..මම නුවරට ප්‍රේම කරමි..එය රාගයෙන් තොර අචින්ත්‍ය ප්‍රේමයක්…මා අද නුවරින් බොහෝ ඈතට වී සිටියත් මසිත නිරතුරු නුවර ඇති සුන්දරත්වය විමසනුයේ ඇය හා මා අතර ඇති ප්‍රේමයට සාක්ෂී ලෙස නොවන්නේද.?
ටික කාලෙකට කොළඹ ආවත් මං හිතින් තාම නුවර ජිවත් වෙන්නේ ඒ තරම් මං ආදරෙයි නුවරට
කැමතියිකැමතියි
මහ නුවර ගැන මටත් තියෙන්නේ ඔය වගේම පරාජිත ආදරයක මතකයක් විතරයි …..ඒත් මමත් ඒ පරන මතකයන්ට ගොඩක් ආදරෙයි …
කැමතියිකැමතියි
නුවර, මතක් වෙනකොටත්……………. නියම පොස්ට් එකක් සහෝ, මාව වසර දෙකක් පහුඋන ඒ සොඳුරු, එත් දරාගන්න බැරි තරම් දුකක් දැනෙන අතීතෙට අරන් ගියා 😦
කැමතියිකැමතියි