අවුරුදු තෑග්ග

අතීතයේ බැදි දූවිලි
දැලි කුනු කහට පතුරු
දහඩිය මිරිකා සෝදා
ඒ දියරෙන් පාට පාට දිය සායම් දිය කරගෙන
පාට ගාපූ රූප අරන් බලා ඉන්නවා….
අවුරුද්දට තෑගි දෙන්න බලා ඉන්නවා..

අවුරුද්ද සමග සියලුදෙනා ගම් රටවල් බලා දුවතී.මා ද ලහි ලහියේ මේ සූදානම් වනුයේ පැය ගනනක දුරක් ගෙවා මා හැදී වැඩුනු මහ ගෙදර බලා යෑමටය.පුරුදු පරිදි මාගේ බෑගයේද අලුත් ඇදුම්වලින් පිරී ඇත. නමුත් ඒ සියල්ලටම වඩා මගේ මව්ටත් පියාටත් වටිනම තෑග්ග මගේ සම්ප්‍රාප්තිය බව දනිමි.බක් මහ උදාවු දිනේ සිට ඇයත්,ඔහුත් දෙදෙනාම, මගේ ජංගම දුරකථනය හා බොහෝ සේ කාර්ය බහුලය.මෙ ලිපිය ලියන මොහොතෙත් මගේ මව් දුරකතනයෙන් අමතා විමසා සිටියේ…”මගේ පුතේ දැන් කොයි හරියේද…?” කියාය.මා තවමත් කාර්යාලයේ බව දැනගත් ඇයගේ මුවින් නික්මුන සුසුම් කියා පෑවේ, මව්ගේ අපරිමාන ස්නේහය බව නොවේ ද..?

මහාචාර්ය පියසීලි විජේමාන්න ගේ කෙටි කතාවක මා සිත් ගත් කොටසක් උපුටමි

ඒ ගිය සිංහල අවුරුද්ද සමන්ත ගත කළේ අම්මා සමඟය. අම්මා මිදුලේ කණුවක බැඳි කූඩුවේ පහන දල්වා පුතා යහතින් ආපහු එවීම ගැන දෙයියන්ට පිං දෙනු ඇසුණි. ඈ අයියනායක දෙයියන්ට ද පිං දුන්නා ය.

සමන්ත අම්මකුගේ සෙනෙහස ලැබූ අතර අම්මාට පුතා දැකීමෙන් අලුත් ජීවිතයක් ලැබුණි. තවත් දින දෙකකට පසු ඔහු ආපසු පිටත් වූයේ ‘රාජකාරිය පැහැර හැරියොත් දැඩි දඬුවම් ලැබෙන බව‘ අම්මාට ඒත්තු ගැන්වීමෙන් පසුව ය.

සමන්ත අද හීලෝගමට යන්නේ අනිද්දා එළඹෙන අලුත් අවුරුද්දට අම්මාට මෙන් ම සුසිලාට ද තෑගි බෝග අර ගෙන ය. සුසිලා වරින්වර තොරතුරු දන්වා ඔහුට ලියුම් එව්වාය. අම්මා අක්ෂි වෛද්‍යවරයකුට පෙන්වා අවශ්‍ය නම් ශල්‍යකර්මයක් කරවීමේ තම බලාපොරොත්තුව ද සමන්ත සුසිලාට දන්වා තිබුණි.

පුතා අවුරුද්දට එන බව මේ වර අම්මා කල් තියා දන්නී ය. මහව හංදියෙන් බසයෙන් බසින තෙක්ම සමන්තගේ සිතේ මැවුණේ අම්මා තමන් එන තුරු මග බලමින් සිටින අයුරු ය. සුසිලා තමන් දැක “හා! අයියා, අවුරුදු කුමාරයා!” යි කියන හැටි සිහි වී සමන්තගේ සිත ප්‍රබෝදයෙන් ඇළලී ගියේ ය.

මගේ මව්ත්, පියාත්, සොහොයුරාත් ඔව්න්ගේ අවුරුදු කුමාරයා එනතුරු බලා සිටියි.මා ගේද පරම වු අභිප්‍රාය ඔව්න් හා හැකි ඉක්මනින් එකතු වීමය.

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in කථාන්දර, හුදකලා සිතුවිලි.... Bookmark the permalink.

2 Responses to අවුරුදු තෑග්ග

  1. None පවසයි:

    Umba inne dehiwala paththelune…umba parissam weyan…umba iwaray…

    කැමතියි

  2. අඛිල ජයලත් පවසයි:

    ආදරය, සෙනහස, බලාපොරොත්තුව, ලොව ඉදිරියට ගෙනයනු ලබයි.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )