මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී

මී වදවලැ පැණි පුරවන්නී

කුරුලු සරන් කන් පිනවන්නී

මුළු ලෝ උයනක් කරවන්නී

ජම්බු ගහට රත පොරවන්නී

බක් මී ගහ කහ අන්දන්නී

අඹ දළු ළා රත තවරන්නී

ලෝ කත විසිතුරු කැරලන්නී

එරබදු පැහැයෙන් දුලවන්නී

නා ගස් සුවඳින් බැඳලන්නී

විලේ නෙලුම් මල් පොබයන්නී

නෙත ගිය ගිය පණවන්නී

ගමේ මෑ පුහුලම් ඉදවන්නී

සොරුන් බවට වවුලන් ලන්නී

නෙ තැනැ වවුලු පළවල් දෙන්නී

ගම් දරුවන් හට වැඩ දෙන්නී

මල් සර හට ගී සපයන්නී

යොවුනන් සිත් ඉන් බැඳලන්නී

දෙක දෙක එක් කැර ඈඳන්නී

නොමිලේ කපු කම් කරවන්නී

වෙන් වූවන් සිත කලඹන්නී

පරණ තරහ හැම යට ලන්නී

ආයෙත් එකමුතු කරවන්නී

පවුල් අවුල් විසඳාලන්නී

කොල්ලන් කෙල්ලන් බැඳලන්නී

මහලු සිතෙත් කෙළි රිසි ලන්නී

ගෙයි ගෙයි බක් වෙස් ගන්වන්නී

අවුරුදු කිරි බත උයවන්නී

දස දෙස සුවඳින් බැඳලන්නී

ගතට සිතට නව පණ දෙන්නී

කුඹුරට ආසිරි සලසන්නී

රට වටැ සොම්නස ගෙනැ යන්නී

ලබන්නා වු සිංහල අළුත් අවුරුද්ද ඔබ සැමට සියල් සිරින් පිරි සිරි සුභ අළුත් අවුරුද්දක් වේවා…!!
මම
-ජයෝබන්ඩාර-

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in දැන්වීම්. Bookmark the permalink.

8 Responses to මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී

  1. aruna පවසයි:

    ඔබටත් එසේම වේවා මල්ලී

    කැමතියි

  2. suraj පවසයි:

    ඔබටත් සුභම සුභ නව වසරක් ෙව්වා‍‍‍‍‍…

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න