Joomla ආරම්භක පාඩම – Joomla ස්ථාපනය (1 – 2)

Joomla හි අලුත් ම සංස්කරනය වන්නේ Joomal 1.6 ය. මා එය තෝරා ගනිමි.
Joomla ස්ථාපය කිරීම සදහා ඔබට සර්වර අවශ්‍ය වේ.මේ සදහා නොමිලේ ලබා දෙන Apache , Mysql යන සර්වර භාවිත කල හැක.තවද එම සර්වර තුල PHP යන පරිගනක භාෂාව ස්ථාපනය කර තිබිය යුතුය.
Joomal යනු PHP තුලින් ලියා ඇති මෘදුකාංගයකි.

PHP භාවිතා කිරීමට සර්වරය සකසා ගන්නා ආකාරය මා පෙර ලිපියකින් පැහදිලි කොට ඇත.එම ලිපිය මෙතැනින් බලා ගත හැක.

අප xampp මත joomla ස්තාපනය කරන අයුරු ඉගෙන ගමු. පලමුව අප Joomla මෘදුකාංගය බාගත කර ගත යුතුය.

Joomla මෙතනින් ලබා ගන්න.

ලබා ගත් .zip ගොනුව විහිදුවා (extract), xampp හි htdocs ෆොල්ඩර‍යට දමන්න. (මතක තබා ගන්න htdocs තුල joomla නමින් ෆොල්දරයක් සදා එය තුලට විහිදුවා ගත් ගොනු හා ෆොල්ඩර දැමීමට.)

පසුව වෙබ් බ්‍රව්සරයේ http://localhost/joomla යතුරු ලියනය කරන්න.එවිට ඔබට පහත රූපයේ පරිදි පිටුවක්ට යනු ඇත.
ඔබගේ භාෂාව මෙහිදී තොරා ගත හැක.පසුව Next යන්න තෝර ගන්න.

පසුව ඔබට පහත රූපයේ පරිදි පිටුවක්ට යනු ඇත.එහිදි ඔබගේ පද්ධතිය සම්බන්දව පරික්ෂාවක් කරයි . ඔබට Next යන්න තෝරා ගත හැක.

පසුව ඔබට පහත රූපයේ පරිදි පිටුවක්ට යනු ඇත.එහිදි ඔබට බලපත්‍රයක් ලැබෙන අතර එය මෙම Joomla මෘදුකාංගය භාවිතා කල යුතු ආකාරය පිලිබද ඉදිපත් කරයි. ඔබට Next යන්න තෝරා ගත හැක.

පසුව ඔබට පහත රූපයේ පරිදි පිටුවක්ට යනු ඇත.එහිදි ඔබට දත්ත සමුදාය පිලිබද විස්තර ලබ දිය යුතුය එහිදි මා

Database Type ලෙස MySQL ද

Host Name ලෙස MySQL ද

Username ලෙස umanda ද

Password ලෙස 123 ද

Database Name ලෙස test_joomla ද

Table Prefix ලෙස jos_ ද

යොදා ගෙන ඇත.ඔබ ඔබගේ දත්ත ඇතුල් කල හැක.

MySQL සර්වරය මගින් දත්ත සමුදාය සාදා ගන්න අයුරු මා පෙර ලිපියකින් පැහදිලි කොට ඇත.එම ලිපිය මෙතැනින් බලා ගත හැක.

පසුව ඔබට පහත පිටුවක්ට යනු ඇත.එහිදි ඔබට FTP දත්ත සැකසිය හැක.එය ඔබ්ට මගහැරිය හැක. ඔබට Next යන්න තෝරා ගත හැක.

පසුව ඔබට පහත රූපයේ පරිදි පිටුවක්ට යනු ඇත.එහිදි ඔබට අඩවියේ තොරතුරු ඇතුල් කල හැක.ඔබට එය ඔබේ මනාපය පරිදි කර ගත හැක.නමුත් Sample Data set යන්න තොරා ගන්න ලෙසට කියමි

දැන් ඔබ සියල්ල සිදු කොට අවසන්ය.ලැබෙන පිටුවේ ඇති “‍Remove instalation folder” යන්න තොරා site යන්න තොරන්න

අවසානයේ ඔබට පහත පරිදි වෙබ් අඩවියක් ලැබෙනු ඇත

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in පන්ති කාමරේ..., Joomla and tagged , . Bookmark the permalink.

Joomla ආරම්භක පාඩම – Joomla ස්ථාපනය (1 – 2) සදහා ප්‍රතිචාර 6ක් දක්වා ඇත

  1. Ashen Nesly පවසයි:

    ඇත්තටම නියමයි කොල්ලෝ

    කැමතියි

  2. බැට් මෑන් පවසයි:

    පට්ට මචො ..මම ආසාවෙන් හිටියෙ ජුම්ලා ඉගෙන ගන්න ..ඉක්මනට ඔක්කොම දාපං මචං …ජයවේවා

    කැමතියි

  3. චමෝද් සසංක පවසයි:

    මොනවද මේ ජූම්ල?

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )