PHP භාෂාව දෙවන පාඩම- php ගොනුවක් ධාවනය කිරීම (Run PHP File) (02 – 2)

ඉදිරි පාඩම් සදහා සෑම විටම ප්‍රායෝගික ක්‍රියාකරකම් යොදා ගැනීමට සිදුවන බැවින් පලමුව අප php ගොනුවක් නිවැරදිව ධාවනය කරන ආකාරය පිලිබදව සොයා බලමු.

PHP ධාවනය සදහා සර්වරය සාදා ගැනීමෙන් පසුව PHP කේත ලිවීම සදහා වචන සකසනයක් (Text Editors ) අවශ්‍ය වේ. ඒ සදහා බොහෝ වචන සකසන(Text Editors ) ඇත.
වෘතීය මට්ටමේ සංවර්ධන කටයුතු සදහා

  • Zend Studio(නොමිලේ ලබා ගත හැක)
  • NetBeans (නොමිලේ ලබා ගත හැක)
  • Eclips (නොමිලේ ලබා ගත හැක)
  • phpDesigner (මුදල් ගෙවා ලබා ගත හැක.)*
  • Adobe Dreamweaver (මුදල් ගෙවා ලබා ගත හැක.)*

(*නමුත් අත් හදා බැලීම් සංස්කරනය තවකාලිකව ලබාගත හැක.)

යන වචන සකසන(Text Editors ) දැක්විය හැක.

වචන සකසන(Text Editors ) බාගත කර ගැනීම සදහා අදාල වචන සකසනයේ (Text Editors ) නම මත click කරන්න

නමුත් ආධුනිකයෙකුට Notepad++ භාවිත කිරීම ඉතා සුදුසු වෙයි. Notepad++ නොමිලේ ලබා ගත හැක.

පියවර 1
පහත කේතය නිවැරදිව වචන සකසනයක් (Text Editors) තුල සකසා එය .php යටතේ සුරකින්න.
උදා: HelloSriLanka.php

<html>
<head>
<title>Hello SriLanka</title>
</head>
<body>
<?php
echo “<h2>Hello SriLanaka</h2>”;
echo “</br>”;
echo “This is my first PHP Programm”;
?>
</body>
</html>

පියවර 2
ඔබ සාදා ගත් php ගොනුව php ධාවනය කිරිම සදහා එය සර්වරය තුලට ඇතුලත් කල යුතුය.නියමිතව ගොනුව ධාවනය වීම සදහා එය නිවැරදි ෆෝල්ඩරය තුලට දැමිය යුතුය.
XAMPP හි එම ෆෝල්ඩරය “htdocs” ලෙසද WAMP හි එය “www” ලෙසද ඇත.
XAMPP “htdocs” ෆෝල්ඩරය තුල xampp නමින් තවත් ෆෝල්ඩරයක් ඇති අතර එය නොසලකා හරින්න.ඔබට මෙම “htdocs” ෆෝල්ඩරය තුල ඔබේම ෆෝල්ඩරක් සාද ගත හැක. මා විසින් “learn_php” යන නමින් ෆෝල්ඩරයක් සාදනු ලබන අතර මින් ඉදිරියට සියලුම පාඩම් වලට අදාලව ලියනු ලබන කේත මෙම ෆෝල්ඩරය තුල සුරකිනු ඇත.(මා භවිතා කරනුයේ සර්වරයයි.)
ඔබ සාදා ගත් HelloSriLanaka.php ගොනුව learn_php ෆෝල්ඩරය තුලට දැමිය යුතුය.ඔබ සාදගත් එම learn_php ෆෝල්ඩරය ඔබේ root ෆෝල්ඩරයි.rootෆෝල්ඩරය පිලිබද වැදි විස්තර ඉදිරියෙදි කතා කරනු ඇත.

htdocs (XAMPP)

htdocs

www (WAMP)

wamp

පියවර 3

ඔබ දැන් ඔබේ වෙබ් බ්‍රව්සරය ව්වෘත කොට එහි වෙබ් ලිපිනය සදහා http://localhost/ ලෙස ලබා දෙන්න.එවිට ඔබහට පහත වින්ඩොව ලබෙනු ඇත.

XAMPP සදහා

xampl

WAMP සදහා

wmpl

නමුත් ඔබේ කේත අඩංගු ෆෝල්ඩරය learn_php බැවින් ලෙස http://localhost/learn_php වෙබ් ලිපිනය ලබා දී ෆෝල්ඩරය තුලට ගමන් කල හැක.
එසේම ලෙස අදාල ගොනුවේ නමද සමග වෙබ් ලිපිනය ඇතුල් කිරීම මගින් එම ගොනුව ධාවනය කල හැක.
උදා:
http://localhost/learn_php/HelloSriLanka.php

මෙහිදී ගොනුවේ දිගුව සමග සම්පූර්ණ නම ලබා දීම අනිවාර්යය වේ. (HelloSriLanka.php).

ප්‍රථිපලය :
Hello SriLanaka

This is my first PHP Programm
දර්ශනය වේ

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in පන්ති කාමරේ..., php and tagged , , . Bookmark the permalink.

3 Responses to PHP භාෂාව දෙවන පාඩම- php ගොනුවක් ධාවනය කිරීම (Run PHP File) (02 – 2)

  1. චමෝද් සසංක පවසයි:

    මට XAMPP එක install කරද්දි error එකක් එනව…

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )