PHP භාෂාව දෙවන පාඩම- මූලික වාක්‍ය වින්‍යාසය(Basic PHP Syntax) (02 – 1)

php කේත(scripting block) සෑම විටම

<?php

//php කේතයන්

?>

යන ටැගය තුල පමනක් ලිවිය යුතුය. එසේම PHP කේත(scripting block) ලේඛනයේ ඕනෑම තැනක යෙදිය හැක.

ඇතැම් වෙබ් සර්වර <?  ….some codes…  ?> යන ටැගයටද සහය දක්වන නමුත් නිර්දේෂිත භාවිත ටැගය වන්නේ <?php ….some codes….  ?> යන්නයි.
<?php ….some codes….  ?> ටැගය මගින් උපරිම අනුකූලතාවයක් (maximum compatibility)  කේත සදහා ලබා ගත හැක.

සෑම PHP කේත පේලියක්ම අවසානයට “;“(semicolon) ලකුණ දැමීම අනිවාර්ය වේ.

උදා: echo "Hello SriLanaka";

මෙමගින් යම් නිෂ්ච්ත විධානයක් අවසන් බව හගවයි.

වචනයක් වෙබ් බ්‍රව්සර තුල දර්ශනය කිරීම සදහා “echo” හා “print” යන විධාන භාවිත කරනු ලබයි.ඉහත උදාහරනයේ “echo” ප්‍රකාශනය (statement)  මගින් Hello SriLanaka යන්න දර්ශනය කරනු ලබයි.

ඉහත උදාහරනයේ Hello SriLanaka යන්න " " (double quote) තුල යොද ඇත. නමුත් කෙතය ක්‍රියත්මක වීමෙදි " " දර්ශනය නොවේ. " " ( ' ' single  quote ද යෙදිය හැක )  යෙදීම හා එම ලකුනු දරශනය නොවීම සිදුවන්නෙ කෙසේද යන්න පිලිබද ඉදිරි පඩම් මගින් විස්තර කරනු ඇත.

සැ:යු:  “PHP ගොනුව .php යන දිගුවෙන් (extension) තිබීම අනිවාර්යවේ.එසේ නොමැති විට එම PHP කේතයන් ක්‍රියත්මක නොවේ.”

PHP ගොනුවක් තුල සමාන්‍යයෙන් xHTML හෝ HTML ටැග අන්තර් ගත වේ.ඉහත “Hello SriLanaka” උදහරණයම අපට පහත පරිදි කෙතනය කල හැක.

<html>
<body>


<?php
echo "Hello World";
?>


</body>
</html>

PHP හි සන්න ලිවීම (Comments in PHP)

PHP  හි   ” // ” යන්න තනි පෙලියක් සන්නය (comment) කිරීම සදහා ද ” /* ......*/ ” මගින් පේලී කීපයක් එකවර සන්නය (comment) කිරීම සදහා ද යොද ගනී.

උදා 1:

<html>
<body>

<?php

//This is a comment

/*
This is
a comment
block
*/
?>


</body>
</html>

ප්‍රථිපලය : කිසිවක් දර්ශනය නොවේ

උදා 2:

<?php
echo "Hello SriLanka!"; // This will print out Hello SriLanaka!
echo "<br />";
/*
You can't see my PHP comments!
*/
echo "My Mother Land";
?>

ප්‍රථිපලය :

Hello SriLanaka!

My Mother Land

නමුත් මෙහි  "This will print out Hello SriLanaka!" යන්න හා “You can't see my PHP comments!" දර්ශනය නොවේ

කේතනය විස්තර කිරීම සදහා පමණක් සන්න ලිවීම (comment) භවිත කරනු ලබයි.මෙය තුල ඇති කිසිවක් කේත සදහා බලපෑමක් අති නොකරන අරතර ක්‍රමලෙඛකයාගේ පහසුව සදහාත්, කෙතනය විස්තර කිරීම සදහාත්,සන්න ලිවීම(comment) සිදු කරනු ලබයි.

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in පන්ති කාමරේ..., php. Bookmark the permalink.

13 Responses to PHP භාෂාව දෙවන පාඩම- මූලික වාක්‍ය වින්‍යාසය(Basic PHP Syntax) (02 – 1)

  1. RASIKA පවසයි:

    mewwa liyanna one note pad ekeda?mama php gana dannema nathi nisai ahuwe

    කැමතියි

  2. චමෝද් සසංක පවසයි:

    බොහොම ස්තූතියි ඔබට !

    කැමතියි

  3. හොඳට පැහැදිලි කරල තියෙනව. දිගටම කරගෙන යන්න. මාත් හැමදාම බලනව.

    කැමතියි

  4. චින්තන පවසයි:

    නියමයි මමත් මේක ඉගෙන ගන්න ආසාවෙන් හිටියෙ.දිගටම කරගන යන්න.සුභ පැතුම්……………..

    කැමතියි

  5. dinesh පවසයි:

    පිස්සු කොර මචං.නවත්තන්නෙ නැතුව දිගටම ලියපන්.අපි හැමදාම ඉන්නවා.

    කැමතියි

  6. දක්ෂිණ පවසයි:

    පොඩි යමක් එකතු කරන්නට අවසර,
    php තුළ # යන්නද තනි පේළියක් comment කිරීම සඳහා යොදාගත හැකියි නේද?

    දිගටම ලියාගෙන යන්න. මේ ලියන ශෛලිය බොහොම හොඳයි. නවකයෙකුට වුනත් පහසුවෙන් තේරුම්ගත හැකියි.

    කැමතියි

    • umanda පවසයි:

      දක්ෂිණ ඔබ ඉතාම නිවැරදියි. PHP තුල # භාවිතා කරමින් සන්නය කිරීම 100% ම නිවැරදි භාවිතයක්.නමුත් බොහෝ ක්‍රමලේඛකයන් PHP තුල සන්නය කිරීම සදහා // හා /*…*/ යන ක්‍රම දෙක භවිතා කරනු ලබයි. # සන්නය C පරිඝනක භෂාවට ආවේණික සන්නය ක්‍රමයක් වන බැවිනුත් PHP C පරිඝනක භෂාව අනුසාරයෙන් නිර්මාණය කර අති බැවිනුත් PHP තුල # මගින් සන්නය කිරීමද නිවැරදි වෙයි.

      කැමතියි

  7. අමිල පවසයි:

    එලකොල්ලෙක්නේ. ජයවේවා. ඔහොම යං

    කැමතියි

  8. yrp පවසයි:

    ගොඩක් වැදගත් පාඩම් මාලාවක් දිගටම ලියන්න ඔබට ජය!

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )