PHP භාෂාව ආරම්භක පාඩම- php ස්ථාපනය (01 – 2)

ඔබ භාවිත කරනු ලබන වෙබ් සර්වරය PHP අන්තර්ගත සර්වරයක් නම් ඔබට ඉතා පහසුය. නමුත් බොහෝ සර්වර තුල PHP අන්තර්ගත නොවන අතර අප විසින් PHP ස්ථපනය කල යුතුය.
එසේම Database සර්වරය ද PHP සමග හැඩ ගැසිය(configurate) යුතුය.

PHP භාගත කිරීම(download)

php_logo
PHP මෙතැනින් නොමිලේ භාගත කරන්න: http://www.php.net/downloads.php

MySQL Database සර්වරය භාගත කිරීම(download)

mysql
MySQL මෙතැනින් නොමිලේ භාගත කරන්න: http://www.mysql.com/downloads/

Apache Server සර්වරය භාගත කිරීම(download)

apachi
Apache මෙතැනින් නොමිලේ භාගත කරන්න: http://httpd.apache.org/download.cgi
php ක්‍රමලේඛන සැකසීම සදහා ඉහත භගත කරගත් Mysql සර්වරය හා Apache වෙබ් සර්වරය php සමග නිවැරදි ලෙස සැකසිය යුතුය.නමුත් ආධුනිකයන් හට එය තරමක් අපහසු විය හැකි බැවින් XAMPP හෝ WAMP යන සර්වර බාවිතා කල හැක.එම XAMPP හා WAMP සර්වර සදහා සකසා ඇත.
(සැ:‍යු: මා විසින් Database සර්වරය ලෙස Mysql සර්වරයද වෙබ් සර්වරය ලෙස Apache සර්වරයද තෝරා ගෙන ඇත.)

XAMPP ස්ථාපනය

මෙහිදි Windows පාරිසරිකයේ XAMPP ස්ථපනය කිරිම විස්තරකෙරේ

XAMPP භාගත කිරීම (Downloard XAMPP)

XAMPP මෙතැනින් නොමිලේ භාගත කරන්න: XAMPP

XAMPP ස්ථාපනයකිරීම (Downloard XAMPP)

භගත කර ගත් .exe ගොනුව මත මවුසය දෙවරක් එබිම (double click) මගින් .exe ගොනුව ධාවනය කර ගත හැක.එවිට පහත පරිදි කවුලුවක් ලැබෙනු ඇත.
winow1

install විධානය තෝර ගන්න

ඔබට අදාල ගොනු පරිඝනකයට ස්ථාපනය වනු දැකිය හැකි වේ.
win2

පසුව පහත පරිදි ලැබෙන DOS තිරය තුල යතුරු පුවරුවේ “x” යතුර ඔබ කවුලුව වස දමන්න.
win3

ඉන් පසු ස්ථපය වු ස්ථනයට ගොස් “xampp-control.exe” ගොනුව ධාවනය කල යුතුය.සාමාන්‍යන් එය “Start > All Progarmmes > xammp” යන්න තුල ඇතුලත් වේ.එහිදි ඔබට පහත කවුලුව ලබෙනු ඇත.
win4

එහි Apache හා Mysql යන්න ධාවනය කල යුතුය.ඉදිරියෙන් ඇති “start” විධාන මගින් එය සිදු කර ගත හැක.සියල්ල නිවැරදිව සිදු වූ පසු පහත පරිදි කවුලුවක් ලැබිය යුතුය.
win5

පසුව Apache ඉදිරියේ ඇති Admin විධානය තෝරාගැනීම මගින් localhost නැතිනම්local සර්වරය වෙතටද, Mysql ඉදිරියේ ඇති Admin විධානය තෝරාගැනීම මගින් phpMyAdmin(database server) වෙතටද යා හැක.
phpMyAdmin පිලිබද ඉදිරියේ දී විස්තර කරනු ඇත.

XAMPP localhost

xampp

phpMyAdmin

phpmyadmin

WAMP සර්වරය ද මෙලෙසම ස්ථාපනය කල හැක.
මීළග ලිපියෙ සිට php ක්‍රමලෙඛනය කරන ආකරය පිලිබද විස්තර කරනු ලැබේ.

Advertisements

About Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර)

I am a Software Engineer in Sri Lanaka. Please visit my web site for more info http://umandajayobandara.com/
This entry was posted in පන්ති කාමරේ..., php and tagged , . Bookmark the permalink.

21 Responses to PHP භාෂාව ආරම්භක පාඩම- php ස්ථාපනය (01 – 2)

  1. harsha පවසයි:

    lamp server eka dana widiha kiyala denna puluwanda

    කැමතියි

  2. පින්ග්කිරීම: Joomla ආරම්භක පාඩම – Joomla ස්ථාපනය (1 – 2) | සොදුරු හුදකලාව….!

  3. dinesh පවසයි:

    ඔන්න අපිත් දිගටම ඉන්නවා…………….

    කැමතියි

  4. මල්$han පවසයි:

    මීට අමතරව අපිට AppServer යන මෘදුකාංගයද භාවිතා කරන්න පුලුවන්.

    කැමතියි

  5. කරුමක්කාරයා පවසයි:

    නියමයි. මම නම් පාවිච්චි කරන්නේ WAMP. කරදර less, කන්ෆිගරේෂන්ස් less 🙂

    කැමතියි

  6. දක්ෂිණ පවසයි:

    ක්‍රමවත් ලිපි පෙළක් php උදෙසා ලිවීම ගැන බොහොම සතුටුයි. දිගටම ලියන්න – ඔබට ජය!!!

    කැමතියි

  7. Geeth | ගීත් පවසයි:

    නියමයි.. නියමයි.. දිගටම ලියන්න. පසුබහින්න එපා.෴

    කැමතියි

  8. informer2009 පවසයි:

    නෑ….. නෑ………… ප්‍රතිචාර අඩුවෙන්නෙ නෑ.. අපි බලාගෙන ඉන්නෙ. දිගටම යමු….

    කැමතියි

  9. ishan පවසයි:

    niyamai,niyamai digatama karagenna yanna.mama hithanne godak kattiya kamathi Software Developing walata.matath igenaganna onama karala thibuna eka thamai php ada idan php ganath igena gattahaki,thanks

    කැමතියි

  10. චතුරංග රූපසිංහ පවසයි:

    ‍ප්‍රතිචාර අඩුවේවි ඒත් දිගටම කරගෙන යන්න.

    කැමතියි

ලිපිය සම්බන්දව ඔබගේ අදහස් ලබා දෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )