ලගකදි මගේ “පෙන් ඩ්‍රයිව්” එකට වයිරසයක් ආසාදනය උනා. පසුව මම ප්‍රතිවයිරස මෘදුකාංගයක් භාවිතයෙන් එම වයිරසය ඉවත් කර ගනු ලැබුවා. නමුත් මගේ “පෙන් ඩ්‍රයිව්” එකේ තිබුන සියලුම ගොනු හා ඩිරෙක්ටරි සැගවී තිබුනා.
එම වයිරසයේ ස්වභාවය වනුයේ සියලූම ඩිරෙක්ටරි සගවා එහි කෙටි මාවතක් සාදා එය අපගේ අදාල ඩිරෙක්ටරිය ලෙස අපට පෙනිමට සැලැස්වීමයි. පසුව අප එම වයිරසය විසින් සෑදූ කෙටි මග මත ක්ලික් කිරීමෙන් වනුයේ අපගේ ඩිරෙක්ටරිය විවෘත වනවා වෙනුවට වයිරසයේ වෙනත් ක්‍රියා වලියක් පණ ගැන්වීමයි.
ඔබටද මෙම අත් දැකීම සිදු වී ඇති බවට කිසිදු සැකයක් නෑ.
මෙහිදී මට වයිරසය ඉවත් කර ගැනීම එතරම් ගැටලුවක් වූයේ නෑ. නමුත් මට ගැටලුව වූයේ සැගවුනු ඩිරෙක්ටරි හා ගොනු නැවත යතා තත්වයට ගැනීමයි.
එයත් මට කර ගැනීමට හැකි වුනා. මේ සදහා මම භාවිතා කලේ CMD යුටිලිටියයි (Command Prompt ). අපි දැන් බලමු පියවරින් පියවර එය සිදු කර ගන්නා අකාරය.
මෙම ක්‍රමය SD කාර්ඩ් පත් සදහාද භාවිතා කල හැක.
පලමු පියවර
ඔබගේ පෙන් ඩ්‍රයිව් එක / මතක පත (SD Cards ) පරිඝණකයට සම්බන්ද කරන්න.
දෙවන පියවර
කමාන්ඩ් ප්‍රොම්ට් එක විවෘත කර ගන්න.මේ සදහා පහත මාර්ගය අනුගනය කරන්න.
Start -> Run -> Type CMD -> Ok
තෙවන පියවර
පසුව අප අදාල සැගවුනු ගොනු හා ඩිරෙක්ටරි ඇති ඩ්‍රයිවරයට ඇතුලු විය යුතුය. මම මෙහිදි භාවිතා කලේ මගේ පෙන් ඩ්‍රයිව් එක. මේ මොහොතේ මගේ පෙන් ඩ්‍රයිවරයට අදාල හදුනාගැනිමේ අක්ශරය K වෙයි ( රූප සටහන ) එම අක්ශරය මගින් මට මගේ පෙන් ඩ්‍රයිවරයට ඇතුල් විය හැක. මේ සදහා මම පහත කේතය යතුරු ලියනය කොත “Enter” බොත්තම තෝරා ගනු ලබනවා.
K:
නමුත් මේ සදහා ඔබගේ අදාල අකුර වෙනස් විය හැක. ඔබට “My Computer ” වෙත ගොස් ඔබේ ඩ්‍රයිවරය (ධාවකය / පෙන් ඩ්‍රයිවරය / මතක පත ) සදහා වන අක්ශරය සොයා ගත හැක.
පසුව ඔබ පහත කේතය නිවැරදිව යතුරු ලියනය කොට “Enter” බෝත්තම තෝරා ගන්න.
attrib -s -h /s /d *.*
ඔබට ටික වෙලාවක් ඉවසීමට සිදුවනු ඇත. පසුව ටික වේලාවකින් ඔබව නැවත ඩ්‍රයිවරයේ “රූට්” (root) අවථාවට ( මගේ නම් K:\> ලෙස ) යොමු වේවි. පසුව ඔබට ඔබේ සියලුම ගොනු හා ඩිරෙක්ටරි නැවතත් සුරැකිව ලැබී තිබෙනු දැකිය හැක.








ube ammata, paiyak kiyanawa ponna hukanna
madusanka gangoda
madusankagangoda@gmail.com
ඵොස්ට් එක එල
මේකට අමහර ඕන නම් free utilityඑකක් උසෙ කරන පුලුවන්
වෙරසය වෛරසය නැති කර ගත් ආකාරය ද පහදා දුන්නේ නම් හොඳයි. මෙහෙයුම් පද්ධතියෙහි වර්ෂන් එක ද දැක්වූවා නම් තවත් හොඳයි. මෙය සමාන ගැටළුවකට මුහුණ දෙන අයට ප්‍රයෝජනවත් වනවා නිසැකයි.
උමන්ද ඉතාම ස්තුතියි මේ ලිපියට. මගේ පෙන් ඩ්‍රයිව් එකට ඔය වැඩේ වෙලා තිබ්බා. 8GB පෙන්ඩ්‍රයිව් එකෙන් භාගයක් විතර තිබ්බ ෆෝටෝ ෆෝල්ඩර් එක අතුරුදහන් වුනා. කරන්න විදියකුත් නෑ. ෆෝල්ඩර් එක නැති වුනාට ප්‍රොපටීස් වල පෙන්නනවා ඒ ෆෝල්ඩර් එකේ ඉඩ ගිහින් ත්යෙන බව. මම පාවිච්චි කරන්නෙ Windows 7. ඒකෙ නම් ඔය සිස්ටම් එක වැඩ කලේ නෑ.පස්සෙ XP තියෙන PC එකකට දාලා ෆෝල්ඩර් එක මතුවුන ගමන් ඩිලීට් කරලා දැම්මා. දැන් වැඩේ ගොඩ. ස්තුතියි සහෝ. ඇයි අර උඩ තියෙන කොමෙන්ට් එක ඩිලීට් නොකරන්නෙ?
henryblogwalker the Dude
එල මචන්….
හොද ලිපියක් ආපහු හීරෝ වගේ කෙනෙක් ඇවිත්ද කොහෙද
ඔබට ගොඩක් ස්තූතියි දන්න දෙයක් අනිත් අයටත් කියා දෙන එකට ඔබගේ දැනුම තව වැඩිවේවා
ස්තූත්යි ඔබට දැනුම බෙදුවට
ස්තූතියි ඔබට ඔබේ දැනුම අනිත් අයට බෙදුවට
ok