අප සංකල්ප ඇති කර ගනු ලබන්නේ සිත තුලය. එසේ ඇතිවන සැම සංකලපයක්ම ප්‍රකාශ කිරීමට හැකිවන්නේ නැත. හෝ හැකි විය ද නොහැක.
අප කතාකරන භාෂාවේ නැවතීම්, කොමා නැත. ( කතාව නවතා කතා කිරීම නොව ). පද බෙදා , කොමා, නැවතීම් ආදි දමා ලියනුයේ ලියන බසෙහි ඇති දුර්වලතාවය නැති කිරීම උදෙසාය. සිංහල ලේඛනයයේ අතිතයේ විරාම ලක්ෂණ නැති අතර අප ඒවා බටහිරින් අහුලාගෙන ඇත.




සිංහලයට විරාම ලක්ෂණ පැමිණියේ කීවැනි සියවසේදීද යන්න සනාථ කිරීම සඳහා සාක්ෂ්‍ය තිබේද? පැරණි සිංහලය විරාම ලක්ෂණ වලින් තොරව ලියන්නට හැකි වූ අරුමය කිමෙක්ද? අද අප භාෂාව නිසා මෙතරම් වාද විවාද අපහාස ප්‍රලාප සාගරයක හෝ ගොහොරුවක ගිලී ඇත්තේ ඇයි? භාෂාව මගේද? ඔබේද? අනාගත පරපුරේද? නව වචන නිර්මානයේදී තත්සම තත්භව නිෂ්පන්න වැනි සම්ප්‍රදායයන් අනුගමනය කරනවාද? නැතහොත් ඕනෑම පිරිමියෙකු හැඳින්වීම සඳහා ‘බුවා’ වැනි පදයකින් සෑහීමට පත් වනවා ද? භාෂාව හැසිරවීම සඳහා මග පෙන්වීමක් අවශ්‍යද? නැතහොත් භාෂාව යනු සිතට එන ඕනෑම අදහසක් ඒ මොහොතේ සිතෙන වචන ඔස්සේ එලියට දැමීම ද? අපි මේ ගැන තව දුරටත් සංවාදයේ යෙදුනොත් නරකද?